ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
1. සුමෙධා වග්ග
2. මේඛලා දායිකාපදානය
’’මම සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්ගේ ස්තූපය කරවන්නියක් වීමි. ශාස්තෲන් වහන්සේගේ සෑයෙහි නවකම් පිණිස මා විසින් මෙවුල් දමක් (ආපසු ගැනීම සඳහා) දෙන ලදි.
’’මහසෑය නිමවූ කල්හි මම යලිත් එම මෙවුල්දම පහන් සිත් ඇත්තී, සියතින්ම ලෝනාවූ බුදුරජුන් උදෙසා (පූජා බුද්‍ධියෙන්) දුනිමි.
’’මින් පෙර සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් මෙවුල් දමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ස්තූප කරණයෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් මෙඛලාදායිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මෙඛලාදායිකාථෙරියාපදානං දුතියං.