අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(11) 1. සමණසඤ්ඤා වර්‍ගය

3. ආරාධන විරාධනා සූත්‍රය

’’මහණෙනි, බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේ. සම්පූර්‍ණවීම නොවේ.

’’මහණෙනි, කෙසේ බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේද. සම්පූර්‍ණවීම නොවේද? මහණෙනි, වැරදි දැනීම ඇත්තාට වැරදි කල්පනාව සම්පූර්‍ණවේ. වැරදි කල්පනාව ඇත්තාට වැරදි වචන සම්පූර්‍ණවේ. වැරදි වචන ඇත්තාට වැරදි කර්‍මාන්ත සම්පූර්‍ණවේ. වැරදි කර්‍මාන්ත ඇත්තාට වැරදි ජීවිකාව සම්පූර්‍ණවේ. වැරදි ජීවිකාව ඇත්තාට වැරදි වෑයම සම්පූර්‍ණවේ. වැරදි වෑයම් ඇත්තාට වැරදි එකඟකම සම්පූර්‍ණවේ. වැරදි එකඟකම ඇත්තාට වැරදි නුවණ සම්පූර්‍ණවේ. වැරදි නුවණ ඇත්තාට වැරදි මිදීම සම්පූර්‍ණවේ. මහණෙනි, බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේ. සම්පූර්‍ණවීම නොවේ.

’’මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන සම්පූර්‍ණවීම වේ. වැලැක්ම නොවේ. මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන කෙසේ සම්පූර්‍ණ වේද, වැලැක්ම නොවේද? මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාට සම්‍යක් කල්පනාව සම්පූර්‍ණවේ. සම්‍යක් කල්පනාව ඇත්තාට සම්‍යක් වචන සම්පූර්‍ණවේ. සම්‍යක් වචන ඇත්තාට සම්‍යක් කර්මාන්ත සම්පූර්‍ණවේ. සම්‍යක් කර්මාන්ත ඇත්තාට සම්‍යක් ජීවිකාව සම්පූර්‍ණවේ. සම්‍යක් ජීවිකාව ඇත්තාට සම්‍යක් වෑයම සම්පූර්‍ණවේ. සම්‍යක් වෑයම ඇත්තාට සම්‍යක් එකඟ කම සම්පූර්‍ණවේ. සම්‍යක් එකඟකම ඇත්තාට සම්‍යක් නුවණ සම්පූර්‍ණවේ. සම්‍යක් නුවණ ඇත්තාට සම්‍යක් මිදීම සම්පූර්‍ණවේ. මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන සම්පූර්‍ණවීම වේ. වැලැක්ම නොවේ.’’