අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(12) 2. පච්චොරොහණි වර්‍ගය
8. අරියපච්චාරොහණී සූත්‍රය
’’මහණෙනි, තොපට ආර්‍ය්‍ය බැසගැනීම දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්’’ යයි වදාළ සේක. ’’මහණෙනි, ආර්‍ය්‍ය බැසගැන්ම කවරේද?
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි දැකීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි දැකීම අත්හරියි. වැරදි දැකීමෙන් බසියි.
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි සිතීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි සිතීම අත්හරියි. වැරදි සිතීමෙන් බසියි.
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි වචනයේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි වචනය අත්හරියි. වැරදි වචනයෙන් බසියි.
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි කර්‍මාන්තයේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි කර්‍මාන්තය අත්හරියි. වැරදි කර්‍මාන්තයෙන් බසියි.
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි ජීවිකාවේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි ජීවිකාව අත්හරියි. වැරදි ජීවිකාවෙන් බසියි.
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි වෑයමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි වෑයම අත්හරියි. වැරදි වෑයමෙන් බසියි.
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි සිහිකිරීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි සිහිකිරීම අත්හරියි. වැරදි සිහිකිරීමෙන් බසියි.
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි සිත එකඟ කිරීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි වැරදි සිත එකඟ කිරීම අත්හරියි. වැරදි වැරදි සිත එකඟ කිරීමෙන් බසියි.
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි නුවණේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි නුවණ අත්හරියි. වැරදි නුවණින් බසියි.
’’මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි මිදීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි මිදීම අත්හරියි. වැරදි මිදීමෙන් බසියි.