අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(12) 2. පච්චොරොහණි වර්‍ගය
7. පච්චොරොහණී සූත්‍රය
’’එකල්හි වනාහි ජානුස්සෝනි බ්‍රාහ්මණතෙම එම පොහෝ දිනයෙහි නහා, අළුත් පට්ටාවලින් වියූ වස්ත්‍ර දෙකක් ඇඳ, තෙත් කුසතණ මිටක් ගෙන, භාග්‍යවතුන් වහන්සේ ලඟ, එකත්පසෙක සිටියේය. භාග්‍යවතුන් වහන්සේ, එසේ සිටි ජානුස්සෝනි බ්‍රාහ්මණයා දැක, ’’බමුණ, කිමෙක්ද? ඔබ මේ පෝය දිනයෙහි අළුත් පට්ටා වස්ත්‍ර දෙකක් හැඳ, තෙත් කුස තණ මිටක් ගෙන, එකත් පසෙක සිටියේ, අද බමුණු ගෙදර කුමක්දැ’’ යි ඇසූ සේක.
’’භවත් ගෞතමයන් වහන්ස, අද බමුණු ජාතියට නැවත බැසීමය.’’ - ’’බමුණ, ඒ කෙසේ වනාහි බමුණන්ගේ පෝය දිනයෙහි හිස පටන් නහා, අලුත් කොමු පිළි දෙකක් ඇඳ, තෙත් ගොමින් පොළොව පිස දමා, නිල් කුස තණ අතුරා, ගිනිහල් ගෙටත්, මලුවටත් අතර සයනය කරත්. ඔවුහු ඒ රාත්‍රියෙහි තුන්වරක් නැගිට, ඇඳිලි බැඳ, ’’පින්වතා නැවත බසීවා, පින්වත් තෙමේ නැවත බසීවා’’ යි ගිනි දෙවියාට නමස්කාර කරත්. බොහෝ ගිතෙල්, තලතෙල්, වෙඬරුවලින් ගින්න පෝෂණය කරයි. ඒ රාත්‍රියගේ ඇවෑමෙන්, ප්‍රණීතවූ, කෑයුතු, බුදිය යුතු, දෙයින් බමුණන් සතුටු කරවත්. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ පච්චාරොහණිය (නැවත බැසීම) වේ.
’’බමුණ, බමුණන්ගේ පච්චාරොහණිය අනික් ප්‍රකාරයකින් වේ. ආර්‍ය්‍ය විනයෙහි පච්චාරොහණිය අනික් ක්‍රමයකින් වේ.’’ - ’’භාග්‍යවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේගේ ධර්‍මයෙහි පච්චාරොහණිය කෙසේද? භවත් ගෞතමයන් වහන්සේ මට, ආර්‍ය්‍ය විනයෙහි පච්චාරොහණිය යම් සේ වේද, එසේ බණ කියන්නේ නම් යහපතැ’’ යි කීයේය. ’’බමුණ, එසේ නම් අසව. යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි’’ යි වදාළ සේක. ’’පින්වතුන් වහන්ස, එසේය’’ යි ජානුස්සෝනී බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි දැකීමේ ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි දැකීම අත්හරියි. වැරදි දැකීමෙන් වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි සිතීමේ ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි සිතීම අත්හරියි. වැරදි සිතීමෙන් වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි වචන ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි වචන අත්හරියි. වැරදි වචන වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි කර්‍මාන්තය ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි කර්‍මාන්තය අත්හරියි. වැරදි කර්‍මාන්තයෙන් වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි ජීවිකාව ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි ජීවිකාව අත්හරියි. වැරදි ජීවිකාවෙන් වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි වෑයම ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි වෑයම අත්හරියි. වැරදි වෑයමෙන් වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි සිහිකිරීමේ ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි සිහිකිරීම අත්හරියි. වැරදි සිහිකිරීමෙන් වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි සිත එකඟ කිරීමේ ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි සිත එකඟ කිරීම අත්හරියි. වැරදි සිත එකඟ කිරීමෙන් වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි නුවණ ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි නුවණ අත්හරියි. වැරදි නුවණින් වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’බමුණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම වැරදි මිදීමේ ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි මිදීම අත්හරියි. වැරදි මිදීමෙන් වැරදි සිතීමේ සිතීම දුරලයි. වැරදි සිතීමෙන් බසියි.
’’භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ බැසගැන්ම අන් විධියකින් වේ. ආර්‍ය්‍යයන් වහන්සේගේ විනයෙහි බැසීම අන් විධියකින් වේ. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි බැසගැන්මෙන් බමුනන්ගේ බැසගැන්මෙන් සොලොස් කතාවෙන් කතාවටවත් නොඅගනේය. භවත් ගෞතමයන් වහන්සේ, යහපත ( මෙහි අඞ්ගුත්තර නිකායේ 7 නිපාතයේ, 7 වර්‍ගයේ, 13 සූත්‍රයේ, 27 ඡේදය යෙදිය යුතුයි. )