අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(12) 2. පච්චොරොහණි වර්‍ගය

10. දසආසවක්ඛය ධම්ම සූත්‍රය

’’මහණෙනි, මේ ධර්‍ම දහය වඩන ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, පව් ගෙවීම පිණිස පවතී. කවර දසයක්ද යත්, (මනා දැකීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.) ’’ මහණෙනි, මේ දශධර්‍මයෝ වඩන ලද්දාහු, බහුල කරණ ලද්දාහු, පව් ගෙවීම පිණිස පවතිත්.’’