අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(13) 3. පරිසුද්‍ධ වර්‍ගය

1. පරිසුද්‍ධ ධම්ම සූත්‍රය

’’මහණෙනි, පිරිසිදු, බබලන මේ ධර්‍මයෝ දශදෙන සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය.

’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.