අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(13) 3. පරිසුද්‍ධ වර්‍ගය

5. ඒකන්ත නිබ්බාන සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම දහයක් ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස, පවතිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.

’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.