අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(13) 3. පරිසුද්‍ධ වර්‍ගය
4. කිලෙසවිනය ධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්‍ම දහයක් රාගය හික්මවීම අවසන්කොට ඇත්තාහ. ද්වේෂය, මොහය හික්මවීම අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.