අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(14) 4. සාධු වර්‍ගය

1. සාධු අසාධු සූත්‍රය

’’මහණෙනි, තොපට යහපතද, අයහපතද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි’’ යි වදාළ සේක. ’’ස්වාමිනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, අයහපත කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය.

’’මහණෙනි, මෙය අයහපතැයි කියනු ලැබේ.’’

’’මහණෙනි, යහපත කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. ’’මහණෙනි, මෙය යහපතැයි කියනු ලැබේ.’’