අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(14) 4. සාධු වර්‍ගය
2. අරියානරිය සූත්‍රය
’’මහණෙනි, තොපට ආර්‍ය්‍යයන්ට අයත් ධර්‍මයද, අනායර්‍යයන්ට අයත් ධර්‍මයද, පෘථග්ජන(යන්ට අයත්) ධර්මයද දේශනා කරන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. මහණෙනි, අනාර්‍ය්‍යයන්ට අයත් ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මේ අනාර්‍ය්‍ය ධර්‍මයයි කියනු ලැබේ.
’’මහණෙනි, ආර්‍ය්‍ය ධර්‍මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ ආර්‍ය්‍ය ධර්‍මයයි කියනු ලැබේ.’’