අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(14) 4. සාධු වර්‍ගය

4. අත්‍ථානත්‍ථ සූත්‍රය

’’මහණෙනි, තොපට අර්ථයද, අනර්ථයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අනර්ථය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අනර්ථයයි කියනු ලැබේ.

’’මහණෙනි, අර්ථය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය අර්ථයයි කියනු ලැබේ.’’