අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(14) 4. සාධු වර්‍ගය
5. ධම්මාධම්ම සූත්‍රය
’’මහණෙනි, තොපට ධර්මයද, අධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අධර්මයයි කියනු ලැබේ.
’’මහණෙනි, ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය ධර්මයයි කියනු ලැබේ.’’