අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(14) 4. සාධු වර්‍ගය
8. තපනීයාතපනීය සූත්‍රය
’’මහණෙනි, තැවිය යුතු ධර්මයද, නොතැවිය යුතු ධර්මයද තොපට දෙසන්නෙමි. එය හොඳට අසවු, මෙනෙහි කරව්. මහණෙනි, නොතැවිය යුතු ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය නොතැවිය යුතු ධර්මයයි කියනු ලැබේ. මහණෙනි, තැවිය යුතු ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය තැවිය යුතු ධර්මයයි කියනු ලැබේ.’’