අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(14) 4. සාධු වර්‍ගය
9. ආචයා පචයගාමී සූත්‍රය
’’මහණෙනි, තොපට රැස් කිරීමේ ධර්මයද, රැස් නොකිරීමේ ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, රැස් කිරීමේ ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය රැස් කිරීමේ ධර්මයයි කියනු ලැබේ.
’’මහණෙනි, රැස් නොකිරීමේ ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය රැස් නොකිරීමේ ධර්මයයි කියනු ලැබේ.’’