අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(15) 5. අරිය වර්‍ගය
9. අනුස්සරි තබ්බ සූත්‍රය
’’මහණෙනි, තොපට සිහි කටයුතු ධර්මයද, සිහි නොකටයුතු ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, සිහි නොකටයුතු ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය සිහි නොකටයුතු ධර්මයයි කියනු ලැබේ.
’’මහණෙනි, සිහි කටයුතු ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සිහි කටයුතු ධර්මයයි කියනු ලැබේ.’’