අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
4. චතුත්‍ථ පණ්ණාසකය
(16) 1. සම්මාදිට්ඨි වර්‍ගය
1. නසෙවිතබ්බ සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා ආශ්‍රය නොකට යුතුය.
’’කවර දසයකින්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මේ දස ධර්‍මයෙන් යුක්තවූ පුද්ගලයා ආශ්‍රය නොකළ යුතුය.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා ආශ්‍රය කට යුතුය.
’’කවර දසයකින්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ අඞ්ග දහයෙන් යුත් පුද්ගලයා ආශ්‍රය කට යුතුය.’’