අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
4. චතුත්‍ථ පණ්ණාසකය
(16) 1. සම්මාදිට්ඨි වර්‍ගය
2-12. භජිතබ්බාදිසුත්තානි
නභජිතබ්බ සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්ත පුද්ගලයා භජනය නොකට යුතුය.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්ත පුද්ගලයා භජනය නොකට යුතුය.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්ත පුද්ගලයා භජනය කට යුතුයි.
’’කවර දසයකින්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්ත පුද්ගලයා භජනය කට යුතුයි.
නපයුරූපාසිතබ්බ සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්ත පුද්ගලයා පයුරුපාසනය නොකළ යුතුය.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්ත පුද්ගලයා පයුරුපාසනය නොකළ යුතුය.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්ත පුද්ගලයා පයුරුපාසනය කළ යුතුයි.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්ත පුද්ගලයා පයුරුපාසනය කළ යුතුයි.
නපුජ්ජ සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නොපිදිය යුතුයි.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නොපිදිය යුතුයි.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා පිදිය යුතුයි.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා පිදිය යුතුයි.
නපාසංස සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නොපැසසිය යුතුයි.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නොපැසසිය යුතුයි.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා පැසසිය යුතුයි.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා පැසසිය යුතුයි.
අගාරව සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා ගරු නොකට යුතුයි.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා ගරු නොකට යුතුයි.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා ගරු කට යුතුයි.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා ගරු කට යුතුයි.
අප්පතිස්සව සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නුසුදුසුයි.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නුසුදුසුයි.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා සුදුසුයි.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා සුදුසුයි.
අනාරාධක සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා සතුටු නොකරවන්නේයි.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා සතුටු නොකරවන්නේයි.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා සතුටු කරවන්නේයි.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා සතුටු කරවන්නේයි.
නවිසුජ්ඣති සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා පිරිසිදු නොවෙයි.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා පිරිසිදු නොවෙයි.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා පිරිසිදු වෙයි.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා පිරිසිදු වෙයි.
මානංනාධිහොති සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා මාන්නය යටපත් නොකළේ වේ.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා මාන්නය යටපත් කොනළේ වේ.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා මාන්නය යටපත් කෙළේ වේ.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා මාන්නය යටපත් කෙළේ වේ.
පඤ්ඤාවඩ්ඪන සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නුවණින් නොවැඩේ.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නුවණින් නොවැඩේ.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නුවණින් වැඩේ.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා නුවණින් වැඩේ.
අපුඤ්ඤපසවන සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා බොහෝ අකුසල් රැස්කරයි.
’’කවර දසයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා බොහෝ අකුසල් රැස්කරයි.
’’මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා බොහෝ කුසල් රැස්කරයි.
’’කවර දසයක්ද යත්? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, ධර්‍ම දහයකින් යුක්තවූ පුද්ගලයා බොහෝ කුසල් රැස්කරයි.
සම්මාදිට්ඨි වර්‍ගය නිමි.