අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
2. දුතිය පණ්ණාසකය
(8) 3. ආකඞ්ඛ වර්‍ගය
5. මිගශාලා සමගතික සූත්‍රය
’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටානන් විසින් කරවණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවා, පාත්‍ර සිවුරු ගෙන, මිගශාලා නම් උපාසිකාවගේ ගෘහය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති, මිගශාලා නම් උපාසිකා තොමෝ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වැඳ, එකත්පසෙක සිටියාය.
’’එකත්පසෙක සිටි මිගශාලා උපාසිකාව ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට, ’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දැනගත යුත්තේද, යම් පරිද්දෙකින් පරලෙව්හිදී බ්‍රහ්මචාරී තෙමේද, අබ්‍රහ්මචාරී තෙමේද, දෙදෙන පරලොව සමාන ගති ඇත්තාහු වෙත්ද? ස්වාමීනි, මාගේ පුරාණ පිය තෙම මෛථුනයෙන්, ග්‍රාම ධර්මයෙන් දුරුවූ, වෙන්වූ, බ්‍රහ්මචාරී පුද්ගලයෙක් වූයේය. හෙතෙම කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, මාගේ ඉසිදත්ත නම් පියවරයාද බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වෙන්වූයේ වේ. ස්වකීය භාර්‍ය්‍යාව සහිතව සතුටුවූයේ, හෙතෙමේද කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දත යුතුද? යම් හෙයකින් බ්‍රහ්මචාරී පුද්ගලයාද, අබ්‍රහ්මචාරී පුද්ගලයාද දෙදෙන පරලෙව්හිදී සමාන ගති ඇතිවන්නාහුද?
’’නැගණියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය මෙසේ ප්‍රකාශ කරණ ලද්දේය.’’
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මිගශාලා උපාසිකාවගේ ගෘහයෙහි පිණ්ඩපාතය ගෙන, හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටි සේක.
එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, මම මෙහි පෙරවරු වේලාවෙහි හැඳ පොරවා පා සිවුරු රැගෙන මිගශාලා උපාසිකාවගේ නිවෙස යම් තැනෙක්හිද, එහි පැමිණියෙමි. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ සිටියෙමි. ස්වාමීනි, ඉක්බිති, මිගශාලා නම් උපාසිකාව මා යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියාය. ස්වාමීනි, එකත්පසෙක සිටි මිගශාලා උපාසිකාව, මට, ’’ ආනන්‍ද ස්ථවිරයිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දැනගත යුත්තේද, යම් පරිද්දෙකින් පරලෙව්හිදී බ්‍රහ්මචාරී තෙමේද, අබ්‍රහ්මචාරී තෙමේද, දෙදෙන පරලොව සමාන ගති ඇත්තාහු වෙත්ද? ස්වාමීනි, මාගේ පුරාණ පිය තෙම මෛථුනයෙන්, ග්‍රාම ධර්මයෙන් දුරුවූ, වෙන්වූ, බ්‍රහ්මචාරී පුද්ගලයෙක් වූයේය. හෙතෙම කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, මාගේ ඉසිදත්ත නම් පියවරයාද බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වෙන්වූයේ වේ. ස්වකීය භාර්‍ය්‍යාව සහිතව සතුටුවූයේ, හෙතෙමේද කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දත යුතුද? යම් හෙයකින් බ්‍රහ්මචාරී පුද්ගලයාද, අබ්‍රහ්මචාරී පුද්ගලයාද දෙදෙන පරලෙව්හිදී සමාන ගති ඇතිවන්නාහුද? ඇසුවාය. ස්වාමීනි, මෙසේ කී කල්හි මම මිගශාලා උපාසිකාවට ’’නැගණියෙනි, මෙසේ වනාහි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය’’ යි මෙසේ කීවෙමි.’’
’’ආනන්‍දය, බාලවූ, අව්‍යක්තවූ, ලදරු මවක්වූ, ළදරු ප්‍රඥා ඇති මිගශාලා උපාසිකාව කවරීද? පුරුෂ පුද්ගලයන්ගේ උස් පහත් නුවණ කවරේද? ආනන්‍දය, ලෝකයෙහි මේ පුද්ගලයන් දස දෙනෙක් විද්‍යමාන වෙත්. කවර දස දෙනෙක්ද යත්,
’’ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ඒ සිතින් දැක කෙළසුන්ගෙන් මිදීමද, නුවණින් දැක කෙළෙසුන්ගෙන් මිදීමද, තත්වූ පරිද්දෙන් නොදනී. යම් තැනෙක්හි ඒ දුශ්ශීලබව ඉතිරි නොකර නිරුද්‍ධ වේද, ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේ. බහුශ්‍රුත භාවයෙන්ද නොකරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද නොලබයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. උසස්වීමකට නොයයි. පිරිහීමට යන ස්වභාව ඇත්තේ වේ. උසස්වීමට නොයන සුළු වේ.
’’ආනන්‍දය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද, තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඒ දුශ්ශීලභාවය ඉතිරි නොකර නිරුද්‍ධ වේද, ඇසීමෙන් පවා එය කරණ ලද්දේ වේද. බහුශ්‍රුතභාවයෙන් කරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තියක්ද ලබයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දියුණුවට උත්සාහ කරයි. පිරිහීමට උත්සාහ නොකරයි. දියුණුවට යන ස්වභාව වේ. පිරිහීමට නොයන ස්වභාව වේ.
’’ආනන්‍දය, මොහු කෙරෙන් මේ ධර්මයෝමය. අනිකෙකු කෙරෙන්ද මේ ධර්මයෝමය. ඔවුන් අතුරෙන් එකෙක් හීනය, එකෙක් ප්‍රණීතයයි ප්‍රමාණ කරන්නෝ ප්‍රමාණ කරත්. ආනන්‍දය, එය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වේ. ආනන්‍දය, එහි යම් මේ පුද්ගලයෙක් දුශ්ශීල වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඔහුට දුශ්ශීලභාවය ඉතිරි නැතිව නිරුද්‍ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්‍රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්‍දය, මේ පුද්ගල තෙම, මේ පූර්‍ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්‍දය, ධර්‍ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්‍දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්‍දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
’’ආනන්‍දය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද, තත්වූ පරිද්දෙන් නොදනීද, යම් තැනෙක්හි ඒ ශීලය ඉතිරි නොකොට නිරුද්‍ධ වේද, ඔහු විසින් ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේද. බහුශ්‍රුතභාවයෙන්ද නොකරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය නොලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. දියුණුවට නොයයි. පිරිහීමට යන්නේ හෝ වේ. දියුණුවට නොයන්නේ වේ.
’’ආනන්‍දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද, තත්වූ පරිද්දෙන් දනීද, ඒ ශීලය යම් තැනෙක්හි ඉතිරි නොකොට නිරුද්‍ධ වේද, ඔහු විසින් ඇසීමෙන්ද, බහුශ්‍රුතභාවයෙන්ද කරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය ලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු දියුණුව පිණිස යයි. පිරිහීමට නොයයි. දියුණුවට යන්නේ වේ. පිරිහීමට නොයන්නේ වේ. යම් තැනෙක්හි ඔහුට දුශ්ශීලභාවය ඉතිරි නැතිව නිරුද්‍ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්‍රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්‍දය, මේ පුද්ගල තෙම, මේ පූර්‍ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්‍දය, ධර්‍ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්‍දය, මමද යම් කෙනෙක් වනාහි මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ කිරීමකට යන්නෙමි.
’’ආනන්‍දය, නැවතද මෙහි ඇතැම් පුද්ගලයෙක් තියුණු රාග ඇත්තේ වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද, තත්වූ පරිද්දෙන් නොදනීද, යම් තැනෙක්හි ඒ රාගය ඉතිරි නොකොට නිරුද්‍ධ වේද, ඔහු විසින් ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේද. බහුශ්‍රුතභාවයෙන්ද නොකරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය නොලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. දියුණුවට නොයයි. පිරිහීමට යන්නේ හෝ වේ. දියුණුවට නොයන්නේ වේ. යම් තැනෙක්හි ඔහුට රාගය ඉතිරි නැතිව නිරුද්‍ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්‍රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්‍දය, මේ පුද්ගල තෙම, මේ පූර්‍ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්‍දය, ධර්‍ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද?
’’ආනන්‍දය, නැවතද මෙහි ඇතැම් පුද්ගලයෙක් තියුණු රාග ඇත්තේ වේද, ඒ විත්ත විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඔහුට රාගය ඉතිරි නැතිව නිරුද්‍ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්‍රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්‍දය, මේ පුද්ගල තෙම, මේ පූර්‍ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්‍දය, ධර්‍ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්‍දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්‍දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
’’ආනන්‍දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රොධ කරණ සුළුවේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද තත්වූ පරිද්දෙන් නොදනීද, යම් තැනෙක්හි ඒ ක්‍රොධය ඉතිරි නොකොට නිරුද්‍ධ වේද, ඔහු විසින් ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේද. බහුශ්‍රුතභාවයෙන්ද නොකරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය නොලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. දියුණුවට නොයයි. පිරිහීමට යන්නේ හෝ වේ. දියුණුවට නොයන්නේ වේ. ආනන්‍දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්‍දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
’’ආනන්‍දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රොධ කරණ සුළුවේද, ඒ සිතේ මිදීම, නුවණින් මිදීමද තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඔහුට ක්‍රොධය ඉතිරි නැතිව නිරුද්‍ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්‍රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්‍දය, මේ පුද්ගල තෙම, මේ පූර්‍ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්‍දය, ධර්‍ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්‍දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්‍දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
’’ආනන්‍දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් උඩඟු සිත් ඇත්තේ වේද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තත්වූ පරිද්දෙන් නොදනීද, යම් තැනෙක්හි ඒ උඩඟුව ඉතිරි නොකොට නිරුද්‍ධ වේද, ඔහු විසින් ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේද. බහුශ්‍රුතභාවයෙන්ද නොකරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය නොලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. දියුණුවට නොයයි. පිරිහීමට යන්නේ හෝ වේ. දියුණුවට නොයන්නේ වේ. ආනන්‍දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්‍දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
’’ආනන්‍දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් උඩඟු සිත් ඇත්තේ වේද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඔහුට උඩඟුව ඉතිරි නැතිව නිරුද්‍ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්‍රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්‍දය, මේ පුද්ගල තෙම, මේ පූර්‍ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්‍දය, ධර්‍ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්‍දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්‍දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
’’ආනන්‍දය, බාලවූ, අව්‍යක්තවූ, ළදරු මව් කෙණෙක්වූ, ළදරු නුවණක් ඇති මිගශාලා උපාසිකාව කවරේද? පුරුෂ පුද්ගලයන්ගේ උස් පහත් නුවණ කවරේද? ආනන්‍දය, ලෝකයෙහි මේ පුද්ගලයන් දස දෙනෙක් විද්‍යමාන වෙත්. ආනන්‍දය, පුරාණතෙම යම්බඳු ශීලයකින් යුක්තවූයේ වේද, එබඳු ශීලයකින් ඉසිදත්ත තෙම යුක්තවූයේ වන්නේය. මෙහි පුරාණතෙම ඉසිදත්තගේ ගතියෙන් අනිකක් නොවේ. ආනන්‍දය, යම්කිසි ශීලයකින් පුරාණතෙම යුක්තවූයේද, එබඳු ශීලයකින් ඉසිදත්ත තෙමේ යුක්තවූයේ වන්නේය. මෙහි පුරාණතෙම ඉසිදත්තගේ ගතියෙන් අනිකක් නොවේ. ආනන්‍දය, මෙසේ මේ පුද්ගලයෝ දෙපක්‍ෂයෙන් එක් කරුණකින් අඩුය.’’