අංගුත්තර නිකාය

එක නිපාතය

11. සම්බොධි වර්ගය

110. චිත්ත ව්‍යාපාද සූත්‍රය

එක්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළේය.

“ගෘහපතිය, සිත දූෂ්‍යවූ කල්හි කායකර්මද දූෂ්‍ය වූයේ වෙයි. වාක්කර්මද දූෂ්‍යවූයේ වෙයි මනොකර්මද දූෂ්‍යවූයේ වෙයි. දූෂ්‍යවූ කායකර්ම ඇති, දූෂ්‍යවූ වාක්කර්ම ඇති, දූෂ්‍යවූ මනොකර්ම ඇති, ඔහුගේ මරණය යහපත් නොවේ. කාලක්‍රියාව යහපත් නොවේ.

“ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි නොකළ කල්හි මුදුනද දූෂ්‍යවෙයි. පරාලද දූෂ්‍යවෙත් භික්තිද දූෂ්‍ය වෙත්.

(එසේම මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදය යොදාගත යුතුයි.)

“ගෘහපතිය, සිත දූෂ්‍ය නොවූ කල්හි කායකර්මද දූෂ්‍ය නොවේ. වාක්කර්මද දූෂ්‍ය නොවේ මනොකර්මද දූෂ්‍යනොවේ. දූෂ්‍ය නොවූ කායකර්ම ඇති, දූෂ්‍ය නොවූ වාක්කර්ම ඇති දූෂ්‍යනොවූ මනොකර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.

“ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි කළ කල්හි මුදුනද දූෂ්‍යනොවෙයි, පරාලද දූෂ්‍ය නොවෙත්. භික්තිද දූෂ්‍යනොවෙත්.

එසේම (මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යොදාගත යුතුයි)