අංගුත්තර නිකාය

එක නිපාතය

6. බ්‍රාහ්මණ වර්ගය

52. අදිත්තාගාර සූත්‍රය

(මේ සූත්‍රයේ 1, 2, 3 ඡෙද මේ වර්ගයේ 1 සූත්‍රයේ 1, 2, 3 ඡෙද මෙන් වෙත්.)

“බ්‍රාහ්මණයෙනි, මේ ලොකය ජරාවෙන්ද ව්‍යාධියෙන්ද මරණයෙන්ද, ඇවිල ගත්තේය. බමුණෙනි, මෙසේ ඇවිලගත් ලොකයෙහි කයින් වචනයෙන් සිතින් යම් හික්මීමක් වේනම් එය පරලොව ගිය ඔහුට ආරක්ෂාවද සැඟවෙන ගුහාවද සරණද පිහිටද වේයයි’ වදාළේය.

(1) “ගෙයක් ගිණිගෙණ දන කල්හි යම්කිසි භාණ්ඩයක් බැහැර කෙළේද එය ඔහුට ප්‍රයෝජනය පිණිස වෙයි. යමක් එහි දැවේද එය ප්‍රයෝජනය පිණිස නොවේ.

(2) “මෙසේ ලොකය ජරාවෙන්ද, මරණයෙන්ද, දල්වන ලද්දේය. (එහෙයින්) දාහයෙන් ඒ ඇවිලගත් දෙය බැහැර කරන්නේමය. දෙන ලද්ද මොනවට බැහැර කරන ලද්දේවේ.

(3) “මේ ලොකයෙහි ජීවත්වන පුද්ගලතෙම යම් හෙයකින් පින් කරයිද ඔහුගේ කයින් වචනයෙන් සහ සිතින් යම් හික්මීමක් වෙයිද පරලොව ගියාවූ ඔහුට සැප පිණිස වෙයි.”