අංගුත්තර නිකාය
එක නිපාතය
1. බාල වර්ගය
8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය
“අපරාධ සහිත කාය කර්මයෙන්ද අපරාධ සහිත වාක්කර්මයෙන්ද අපරාධ සහිත මනොකර්මයෙන්ද වෙයි මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දතයුතුය.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දතයුතුය. කවර තුනකින්ද නිරපරාධ කාය කර්මයෙන්ද නිරපරාධ වාක්කර්මයෙන්ද නිරපරාධ මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දතයුතුය.