අංගුත්තර නිකාය

එක නිපාතය

1. බාල වර්ගය

9. ඛතත්ත සූත්‍රය

“මහණෙනි, බාලවූ, අදක්ෂවූ, අසත්පුරුෂවූ, බාල තෙමේ නසාගත් විනාශ කරගත් ආත්මය පරිහරණය කරයි. නුවණැත්තන් විසින් කියයුත්තෙක් චොදනා කටයුත්තෙක් වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි. කවර තුනකින්ද?

“කාය දුශ්චරිතයෙන්ද වාක් දුශ්චරිතයෙන්ද මනො දුශ්චරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් අදක්ෂ අසත්පුරුෂ බාලතෙම නසාගත් විනාසකර ගත් ආත්මයක් පරිහරණය කරයි. නුවනැත්තන් විසින් කිය යුත්තෙක්ද චොදනා කටයුත්තක්ද වෙයි බොහෝ අකුසල්ද රැස්කරයි

“මහණෙනි, ධර්ම තුනකින් යුත් දක්ෂවූ සත්පුරුෂවූ පණ්ඩිත තෙමේ නොනසන ලද විනාශ නොකරන ලද ආත්මයක් පරිහරණය කරයි. කවර තුනකින්ද යත් කාය සුචරිතයෙන්ද වාක් සුචරිතයෙන්ද මනො සුචරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් දක්ෂවූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙමේ නොනසන ලද විනාශ නොකරණ ලද ආත්මයක් පරිහරණය කරයි. නුවණැත්තන් විසින් නොකිය යුත්තෙක් චොදනා නොකළ යුත්තෙක් වෙයි. බොහෝ කුසල්ද රැස් කරයි.”