අංගුත්තර නිකාය

එක නිපාතය

1. බාල වර්ගය

10. මලප්පහාණ සූත්‍රය

“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා මලතුනක් දුරුනොකොට ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි. කවර තුනකින්ද?

“දුශ්ශීලවූයේ වෙයිද දුශ්ශීල බව නම් මලය පහ නොකරන ලද්දේ වේද, ඊෂ්‍ය_ා කරන්නෙක් වෙයිද, ඊෂ්‍ය_ා මලය පහනොකරනලද්දේ වෙයිද, මසුරෙක් වෙයිද, මසුරු මල දුරු නොකරනලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා මේ තුන් මලයන් දුරුනොකොට ගෙනඑනලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි.

“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා තුන් මලයන් දුරුකොට ගෙනඑනලද්දක් දැමුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි. කවර තුනකින්ද? සිල්වතෙක් වෙයිද දුශ්ශීලභාව මලය පහකරනලද්දේ වෙයිද, ඊෂ්‍ය_ා නොකරන්නේ වෙයිද, ඊෂ්‍ය_ා මලය පහකරනලද්දේ වෙයිද, මසුරෙක් නොවෙයිද. මසුරු මල පහකරන ලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා ගෙනඑන ලද්දක් දැමුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි”

(පළමුවෙනි බාල වර්ගය නිමි)