අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(14) 4. පුද්ගල වර්‍ගය

4. උට්ඨාඵලුපජීවි සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්

’’උට්ඨානවීර්‍ය්‍යයෙන් ජීවත්වන, කර්‍ම ඵලයෙන් ජීවත් නොවන පුද්ගලයාය. කර්‍ම ඵලයෙන් ජීවත් වන උට්ඨාන වීර්‍ය්‍යයෙන් ජීවත් නොවන, පුද්ගලයාය. උට්ඨානවීර්‍ය්‍යයෙන්ද, කර්‍ම ඵලයෙන්ද ජීවත්වන පුද්ගලයාය. උට්ඨාන වීර්‍ය්‍යයෙන් හා කර්‍ම ඵලයෙන් ජීවත් නොවන පුද්ගලයාය. මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’