අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(14) 4. පුද්ගල වර්‍ගය
6. සීල පරිපූරකාරී සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්
’’මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලයන් සම්පූර්‍ණ නොකරන්නේද, සමාධිය සම්පූර්‍ණ නොකරන්නේ වේද, ප්‍රඥාව සම්පූර්‍ණ නොකරන්නේ වේද,
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලයන් සම්පූර්‍ණ කරන්නේ වේද, සමාධිය සම්පූර්‍ණ නොකරන්නේ වේද, ප්‍රඥාව සම්පූර්‍ණ නොකරන්නේ වේද,
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්‍ණ කරන්නේ වේද, සමාධිය සම්පූර්‍ණ කරන්නේ වේද, ප්‍රඥාව සම්පූර්‍ණ නොකරන්නේ වේද,
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලයන් සම්පූර්‍ණ කරන්නේ වේද, සමාධිය සම්පූර්‍ණ කරන්නේ වේද, ප්‍රඥාව සම්පූර්‍ණ කරන්නේ වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’