අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(27) 7. කම්මපථ වර්‍ගය

4. මුසාවාද සුගති දුග්ගති සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’බොරු කියන්නේ වේද, අනුන් බොරු කීමෙහි සමාදන් කරවයිද, බොරු කීමෙහි අනුදන්නේ වේද, බොරු කීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’තමන්ද බොරු කීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, බොරු කීමෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, බොරු කීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.