අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(27) 7. කම්මපථ වර්‍ගය

5. පිසුනාවාච සුගති දුග්ගති සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’පිසුණු කියන්නේ වේද, අනුන් පිසුණු කීමෙහි සමාදන් කරවයිද, පිසුණු කීමෙහි අනුදන්නේ වේද, පිසුණු කීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’තමන්ද පිසුණු කීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද පිසුණු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, පිසුණු කීමෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, පිසුණු කීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.