අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(11) 1. ඵාසු විහාර වර්‍ගය

7. ආහුණෙය්‍ය සූත්‍රය

’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.

’’මහණෙනි, ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂු තෙම පූජාවට සුදුසුය. දුර සිට ගෙනෙන ලද පූජාවට සුදුසුය. දක්‍ෂිණාවට සුදුසුය. අත් හිසට තබා වැඳීමට සුදුසුය. ලෝකයාගේ උතුම් පින් කෙතය.

’’ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්‍යයාත් අධිශිලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්‍හා නොකරන්නේ වේද,

’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ වේද, සමාධියෙන් යුක්තවූයේ වේද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, විමුක්තියෙන් යුක්තවූයේ වේද, විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තවූයේ වේද යන පසිනි.