අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(11) 1. ඵාසු විහාර වර්‍ගය
6. සංඝඵාසුවිහරණ සූත්‍රය
’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
’’ස්වාමීනි, කොපමණකින් වනාහි භික්‍ෂු තෙම සංඝයා අතර වාසය කරන්නේ, පහසුවෙන් වාසය කරන්නේද?’’
’’ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්‍යයාත් අධිශිලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්‍හා නොකරන්නේ වේද,
’’ආනන්‍දය, මෙපමණකින්ද භික්‍ෂු තෙම සඞඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේය’’ යි වදාළ සේක.
’’ස්වාමීනි, යම් සේ භික්‍ෂු තෙම සංඝයා අතර පහසුවෙන් වාසය කරන්නේද, එබඳු අන් ප්‍රකාරයකුත් වන්නේද?’’ ’’ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්‍යයාත් අධිශිලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්‍හා නොකරන්නේ වේද,
’’තමන්ගේ කටයුතු නොකටයුතු බලන්නේ වේද, අනුන්ගේ කටයුතු නොකටයුතු නොබලන්නේ වේද, ආනන්‍දය, මෙපමණකින්ද භික්‍ෂු තෙම සඞඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේය’’ යි වදාළ සේක.
’’ස්වාමීනි, යම් සේ භික්‍ෂු තෙම සංඝයා අතර පහසුවෙන් වාසය කරන්නේද, එබඳු අන් ප්‍රකාරයකුත් වන්නේද?’’ ’’ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්‍යයාත් අධිශිලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්‍හා නොකරන්නේ වේද,
’’ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේද ශීලයෙන් යුක්තවූයේ අනිකා අධිශීලයෙහි නොපවත්වන්නේ වේද, තමන්ගේ කටයුතු නොකටයුතු බලන්නේ අනුන්ගේ කටයුතු නොබලන්නේත් වේද, අප්‍රකට වූයේත් වේද, ඒ අප්‍රකට භාවයෙන් තැතිගැන්මට නොපැමිණේද, මේ පමණකින්ද,
’’භික්‍ෂු තෙම සංඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේයයි,
’’ස්වාමීනි, යම් සේ භික්‍ෂු තෙම සංඝයා අතර පහසුවෙන් වාසය කරන්නේද, එබඳු අන් ප්‍රකාරයකුත් වන්නේද?’’ ’’ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්‍යයාත් අධිශිලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්‍හා නොකරන්නේ වේද,
’’ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේද ශීලයෙන් යුක්තවූයේ අනිකා අධිශීලයෙහි නොපවත්වන්නේ වේද, තමන්ගේ කටයුතු නොකටයුතු බලන්නේ අනුන්ගේ කටයුතු නොබලන්නේත් වේද, අප්‍රකට වූයේත් වේද, ඒ අප්‍රකට භාවයෙන් තැතිගැන්මට නොපැමිණේද, මේ පමණකින්ද,
’’අධිචිත්තයෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන්ගේද කැමති පරිදි ලැබීම ඇත්තේ, නිදුකින් ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේද, ආනන්‍දය, මෙපමණකින්ද භික්‍ෂු තෙම සඞඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේය’’ යි වදාළ සේක. ’’ස්වාමීනි, යම් සේ භික්‍ෂු තෙම සංඝයා අතර පහසුවෙන් වාසය කරන්නේද, එබඳු අන් ප්‍රකාරයකුත් වන්නේද?’’ ’’ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්‍යයාත් අධිශිලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්‍හා නොකරන්නේ වේද,
’’ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේද ශීලයෙන් යුක්තවූයේ අනිකා අධිශීලයෙහි නොපවත්වන්නේ වේද, තමන්ගේ කටයුතු නොකටයුතු බලන්නේ අනුන්ගේ කටයුතු නොබලන්නේත් වේද, අප්‍රකට වූයේත් වේද, ඒ අප්‍රකට භාවයෙන් තැතිගැන්මට නොපැමිණේද, මේ පමණකින්ද, අධිචිත්තයෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන්ගේද කැමති පරිදි ලැබීම ඇත්තේ, නිදුකින් ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේද, ආනන්‍දය, මෙපමණකින්ද භික්‍ෂු තෙම සඞඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේය’’ යි වදාළ සේක. ’’ස්වාමීනි, යම් සේ භික්‍ෂු තෙම සංඝයා අතර පහසුවෙන් වාසය කරන්නේද, එබඳු අන් ප්‍රකාරයකුත් වන්නේද?’’ ’’ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්‍යයාත් අධිශිලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්‍හා නොකරන්නේ වේද, ආනන්‍දය, මෙපමණකින්ද භික්‍ෂු තෙම සඞඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේය’’ යි වදාළ සේක. ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේද, යන පසිනි.
’’ආනන්‍දය, මම මේ පහසු විහරණයෙන් ඉතා උතුම්වූ හෝ ඉතා ප්‍රණීතවූ හෝ අනික් පහසු විහරණයක් නැතැයි කියමි’’ යි වදාළ සේක.