අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(11) 1. ඵාසු විහාර වර්‍ගය
9. චාතුද්දිසභික්ඛු සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සතර දිග නොවළහන ලද හැසුරුම් ඇත්තේ වෙයි.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සිල්වත් වේද, ප්‍රතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරවූයේ, ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා ස්වභාව ඇතිවූයේ ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දාෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද,
’’ලද පරිදි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය, යන මෙයින් සතුටුවූයේ වේද, අධිචිත්තයෙහි හටගත්තාවූ, ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේද, යන පසිනි. මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුඛුමාල වේ. මහණෙනි, ඒ යමෙකුට වනාහි මනාකොට කියන්නේ ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුඛුමාලයයි කියන්නේද, මහණෙනි, ඒ මටම මනාකොට කියන්නේ ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුඛුමාලයයි කියන්නේය.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සතර දිග නොවළහන ලද හැසුරුම් ඇත්තේ වෙයි.