අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(12) 2. අන්‍ධකවින්‍ද වර්‍ගය

3. අභබ්බ සමාධි සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සම්‍යක් සමාධියට පැමිණ වාසය කරන්ට නුසුදුසු වේ.

’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම රූපාරම්මණයන් නොඉවසන්නේ වේද, ශබ්දාරම්මණයන් නොඉවසන්නේ වේද, ගන්‍ධාරම්මණයන් නොඉවසන්නේ වේද, රශාරම්මණයන් නොඉවසන්නේ වේද, ඵොට්ඨබ්බාරම්මණයන් නොඉවසන්නේ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සම්‍යක් සමාධියට පැමිණ වාසය කරන්ට නුසුදුසු වේ.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සම්‍යක් සමාධියට පැමිණ වාසය කරන්ට සුදුසු වේ.

’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම රූපාරම්මණයන් ඉවසන්නේ වේද, ශබ්දාරම්මණයන් ඉවසන්නේ වේද, ගන්‍ධාරම්මණයන් ඉවසන්නේ වේද, රශාරම්මණයන් ඉවසන්නේ වේද, ඵොට්ඨබ්බාරම්මණයන් ඉවසන්නේ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සම්‍යක් සමාධියට පැමිණ වාසය කරන්ට සුදුසු වේ.