අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(13) 3. ගිලාන වර්‍ගය
2. අජ්ජධත්ත සති සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කරන්ට නොහැකිවේ.
’’කවර පසකින්ද යත්? අහිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, බෙහෙත් ප්‍රතිශෙවනය කරන්නේ නොවේද, වැඩ කැමතිවූ ගිලන් උපස්ථායකයාට තත්වූ පරිදි ආබාධය ප්‍රකාශ කරන්නේ නොවේද, ඉදිරියට ගමන් කරන්නාවූ හෝ ආබාධය ඉදිරියට ගමන් කෙරේයයි, පසුබස්නාවූ හෝ ආබාධය හෝ පසුබසීයයි, සිටියාවූ හෝ ආබාධය සිටියේයයිද කියායි. උපන්නාවූ හෝ ශරීරයෙහි හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, රළුවූ, කටුකවූ, නොසැපවූ, අමනාපවූ, ප්‍රාණය හැර ගන්නාවූ, වේදනාවන් නොඉවසන ස්වභාව ඇත්තේ වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කරන්ට නොහැකිවේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කිරීමට පහසු වේ.
’’කවර පසකින්ද යත්? හිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ දනීද, බෙහෙත් සෙවනය කරන්නේද, වැඩ කැමතිවූ ගිලානොපස්ථායකයාට තත්වූ පරිදි ආබාධය ප්‍රකාශ කරන්නේ වේද, ඉදිරියට ගමන් කරන්නාවූ හෝ ආබාධය ඉදිරියට ගමන් කෙරේයයිද, පසුබස්නාවූ හෝ ආබාධය හෝ පසුබසීයයිද, සිටියාවූ හෝ ආබාධය සිටියේයයිද කියායි. උපන්නාවූ හෝ ශරීරයෙහි හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, රළුවූ, කටුකවූ, නොසැපවූ, අමනාපවූ, ප්‍රාණය හැර ගන්නාවූ, වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කිරීමට පහසු වේ.