අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(14) 4. රාජ වර්‍ගය
1. චක්කවත්තන සූත්‍රය
’’මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජ තෙම දැහැමින්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්‍යවූ සතුරවූ කිසියම් ප්‍රාණියකු විසින් නොපැවැත්විය හැකිවේ.
(1) ’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජ තෙම (2) අර්ත්‍ථය දන්නේත් වේද, ධර්‍මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
’’මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජ තෙම දැහැමින්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්‍යවූ සතුරවූ කිසියම් ප්‍රාණියකු විසින් නොපැවැත්විය හැකිවේ.
(1) මහණෙනි, මෙපරිද්දෙන්ම පඤ්ච ධර්‍මයකින් යුක්තවූ, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගත තෙම දැහැමින්ම නිරුත්තරවූ ධර්‍ම චක්‍රය පවත්වයි. (2) ඒ ධර්‍ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගත තෙම අර්ත්‍ථය දන්නේත් වේද, ධර්‍මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.