අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(14) 4. රාජ වර්‍ගය
8. භත්තාදක නාද සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, ලඬ හෙළන්නෙක්ද, සළාක ගන්නෙක්ද වේ. රජහුගේ හස්තියාය කියාම සංඛ්‍යාවට පැමිණේ.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ හස්ති තෙම
’’රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්‍ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්‍ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, ලඬ හෙළන්නෙක්ද, සළාක ගන්නෙක්ද වේ. රජහුගේ හස්තියාය කියාම සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, මෙපරිද් දෙන්ම කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, පුටුව මඩින්නෙක්ද, සළාක කන්නෙක්ද වේ. භික්‍ෂුය කියාම සංඛ්‍යාවට පැමිණේ.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්‍ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්‍ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.
’’මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, පුටුව මඩින්නෙක්ද, සළාක කන්නෙක්ද වේ. භික්‍ෂුය කියාම සංඛ්‍යාවට පැමිණේ.