අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(14) 4. රාජ වර්‍ගය
7. අප්පසුපන සූත්‍රය
’’මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.
(1) ’’කවර පස් දෙනෙක්ද යත්? මහණෙනි, පුරුෂයන් කෙරෙහි අදහස් ඇති ස්ත්‍රී තොමෝ
(2) රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අදහස් ඇති පුරුෂ තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ගැනීමෙහි අදහස් ඇති චෞර තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, රජයෙහි කටයුතුවල යෙදුනාවූ රජතෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, විසංයෝගයෙහි හෙවත් නිවණෙහි අදහස් ඇත්තාවූ භික්‍ෂු තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි.
’’මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.