අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(15) 5. තිකණ්ටකී වර්‍ගය

7. අසප්පුරිසදාන සූත්‍රය

’’මහණෙනි, මේ අසත්පුරුෂ දාන පසක් වෙත්. කවර පසක්ද යත්? සකස් නොකොට දානය දේද, සිතින් ආදර නොකොට දේද, සියතින් නොදේද, දමා ගසනු කැමැත්තෙක් මෙන් දේද, බලාපොරොත්තු රහිතව දේද, යන පසයි.

මහණෙනි, මොහු වනාහි අසත්පුරුෂ දාන පස වෙත්.

’’මහණෙනි, මේ අත්පුරුෂ දාන පසක් වෙත්. කවර පසක්ද යත්? සකස් කොට දානය දේද, සිතින් ආදර කොට දේද, සියතින් දේද, නොදමා ගසන ලද්දක් මෙන් දේද, බලාපොරොත්තු සහිතව දේද, (යන පසයි.) මහණෙනි, මේ පස වනාහි සත්පුරුෂ දාන වෙත්යයි වදාළ සේක.