අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
1. පඨම පණ්ණාසකය
2. බාල වර්‍ගය
8. පරහිත පටිපන්න සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම අනුන්ට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. තමහට වැඩ පිණිස නොවේ.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ සිල්වත් නොවේද, අන්‍යයා ශීල සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේ සමාධියෙන් යුක්ත නොවේද, අන්‍යයා සමාධි සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේ ප්‍රඥාවෙන් යුක්ත නොවේද, අන්‍යයා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේ විමුක්තියෙන් යුක්ත නොවේද, අන්‍යයා විමුක්ති සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේ විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්ත නොවේද, අන්‍යයා විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තියෙහි සමාදන් කරවාද,
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම අනුන්ට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. තමහට වැඩ පිණිස නොවේ.