අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

2. බාල වර්‍ගය

7. අත්තහිත පටිපන්න සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම තමහට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට වැඩ පිණිස නොවේ.

’’කවර පසක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ වෙයිද, අන්‍යයා ශීල සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ සමාධියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා සමාධි සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා විමුක්ති සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්ති ඤාණ දර්‍ශණයෙන් යුක්තවූයේ වේද, අන්‍යයා විමුක්ති ඥාන දර්‍ශණ සම්පත්තියෙහි සමාදන් නොකරවාද,

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම තමහට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට වැඩ පිණිස නොවේ.