අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
1. පඨම පණ්ණාසකය
5. මුණ්ඩරාජ වර්‍ගය
8. අලබ්භනීයඨාන සූත්‍රය
’’මහණෙනි, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැක්කාවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
’’ජරා ධර්‍මය නොදිරාවායි,
’’ ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
’’ව්‍යාධි ධර්‍මය නොපෙලාවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. මරණ ධර්‍මය නොමියේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. ක්‍ෂය ධර්මය ක්‍ෂය නොවේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. නැසෙන ධර්‍මය නොනසීවායි, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
’’මහණෙනි, අශ්‍රුතවත්වූ පෘථග්ජනයාගේ ජරා ධර්‍මය දිරයි. හෙතෙම ජරා ධර්මය දිරූ කල්හි මෙසේ නොසළකයි. එකලාවූ මාගේම ජරා ධර්‍මය නොදිරයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ජරා ධර්‍මය දිරයි. මමද වනාහි ජරා ධර්මය දිරූ කල්හි ශොක කරන්නෙමි.
’’වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි,
’’ජරා ධර්මය දිරූ කල්හි,
’’ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි.
’’මහණෙනි, මේ අශ්‍රුතවත් පෘතග්ජන තෙම විෂ සහිතවූ ශොක නමැති හුලෙන් විදිනා ලද්දේ, තමන්ම තවායයි තියනු ලැබේ.
’’නැවත අනිකක්ද කියමි. මහණෙනි, අශ්‍රුතවත්වූ ප්‍රතග්ජනයාගේ ව්‍යාධි ධර්‍මය පෙලයි. හෙතෙම ව්‍යාධි ධර්මය පෙළූ කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේම ව්‍යාධි ධර්‍මය නොපෙළයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම් තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ව්‍යාධි ධර්මය පෙළයි. මමද වනාහි ව්‍යාධි ධර්මය පෙළූ කල්හි ශොක කරන්නෙම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ව්‍යාධි ධර්මය පෙලූ කල්හි ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. මරණ ධර්මය මරයි. හෙතෙම මරණ ධර්මය මියගිය කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේම මරණ ධර්මය මියයයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම් තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ මරණ ධර්මය මියයයි. මමද වනාහි මියගිය කල්හි ශොක කරන්නෙම්, වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම මරණ ධර්මය මරණ කල්හි ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි. හෙතෙම ක්‍ෂය ධර්මය ක්‍ෂයවූ කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේ ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම් තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි. මමද වනාහි ක්‍ෂය ධර්මය ක්‍ෂයවූ කල්හි ශොක කරන්නෙම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ක්‍ෂය ධර්මය ක්‍ෂය කරණ කල්හි ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. නැසෙන ධර්මය නසියි. හෙතෙම නැසෙන ධර්මය නට කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේම නැසෙන ධර්මය නොනසියි. වැලිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, වේද, සියලු සත්ත්‍වයන්ගේ නැසෙන ධර්මය නසියි. මමද වනාහි නැසෙන ධර්මය නට කල්හි ශොක කරන්නෙම් නම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම නැසෙන ධර්මය නට කල්හි, ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි.
’’මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේද වනාහි ජරා ධර්‍මය දිරයි. හෙතෙම ජරා ධර්මය දිරූ කල්හි මෙසේ නොසළකයි. එකලාවූ මාගේම ජරා ධර්‍මය නොදිරයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ජරා ධර්‍මය දිරයි. මමද වනාහි ජරා ධර්මය දිරූ කල්හි ශොක කරන්නෙමි. වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි,
’’හෙතෙම ජරා ධර්මය දිරූ කල්හි
’’ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.
’’නැවත අනිකක්ද කියමි. මහණෙනි, ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ ව්‍යාධි ධර්මය පෙළයි. හෙතෙම ව්‍යාධි ධර්මය පෙලූ කල්හි මෙසේ නොසළකයි. එකළාවූ මාගේ ව්‍යාධි ධර්‍මය නොපෙළෙයි. වැළිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ව්‍යාධි ධර්‍මය පෙලයි. මමද වනාහි ව්‍යාධි ධර්මය පෙලූ කල්හි ශොක නොකරන්නෙමි. වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ව්‍යාධි ධර්මය පෙළූ කල්හි ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.
’’මරණ ධර්‍මය මියයි. හෙතෙම මරණ ධර්‍මය මිය ගිය කල්හි මෙසේ නොසළකයි. එකළාවූ මාගේම මරණ ධර්‍මය නොමියයි. වැළිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ මරණ ධර්මය මියයයි. මමද වනාහි මරණ ධර්‍මය මිය ගිය කල්හි ශොක නොකරන්නෙමි. වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම මරණ ධර්මය මරණ කල්හි ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.
’’ක්‍ෂය වන ධර්‍මය ක්‍ෂය වෙයි. හෙතෙම ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි මෙසේ නොසළකයි. එකළාවූ මාගේම ක්‍ෂය ධර්මය ක්‍ෂය නොවෙයි. වැළිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි. මමද වනාහි ක්‍ෂය ධර්මය ක්‍ෂයවූ කල්හි ශොක කරන්නෙම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ක්‍ෂය ධර්මය ක්‍ෂය කරණ කල්හි ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.
’’නැසෙන ධර්මය නසියි. හෙතෙම නැසෙන ධර්මය නැසුනු කල්හි මෙසේ සළකයි. එකළාවූ මාගේම නැසෙන ධර්මය නොනසියි. වැළිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම වේද, ඒ සියලු සත්ත්‍වයන්ගේ නැසෙන ධර්මය නසියි. මමද වනාහි නැසෙන ධර්මය නැසුනු කල්හි ශොක කරන්නෙම් නම්, වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි,
’’හෙතෙම නැසෙන ධර්මය නැසුනු කල්හි ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.
’’ශොක රහිතවූ, ඇද දැමූ හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ. මොහු වනාහි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණු පස වෙත්යයි වදාළ සේක’’
(1) ශොක කිරීමෙන්ද, වැළපීමෙන්ද, ස්වල්පවූද ප්‍රයෝජනයකුත් ලැබිය නොහැක්කේය. ශොක කරන්නාවූ, දුකට පැමිණියාවූ, මොහු දැන පස මිතුරෝ සතුටු සිත් ඇත්තෝ වෙත්.
(2) ’’යම් කලෙක්හි වනාහි කරුණාවන්තවූ, අර්ත්‍ථ විනිශ්චයෙහි දක්‍ෂවූ, පණ්ඩිත තෙම විපත්වලදී කම්පා නොවේද, එකල්හි මොහුගේ පසමිතුරෝ විකාර නොවූ, පැරණි මුහුණ දැක දුක් වූවාහු වෙත්.
(3) ’’ගුණ කීමෙන්ද, මන්ත්‍ර පිරවීමෙන්ද, යහපත් වචනයෙන්ද, වස්තු දීමෙන්ද, කුල ප්‍රවේනිය කීමෙන්ද, යම් යම් පරිද්දකින්, යම් යම් තැනෙක්හි ප්‍රයෝජනය ලබන්නේද, ඒ ඒ පරිද්දෙන්, ඒ ඒ තන්හි උත්සාහ කරන්නේය.
(4) ’’ඉදින් මා විසින්ද, අනිකා විසින්ද, මේ අර්ත්‍ථය නොලැබිය හැක්කේයයි දන්නේ නම්, ශොක නොකරන්නාවූ හෙතෙම මාගේ කර්‍මය දැඩිවේ. දැන් කුමක් කරම්දැයි, ඉවසන්නේයයි වදාළ සේක.