අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(8) 3. යොධාජීව වර්‍ගය (අනාගතභය වර්‍ගය)
5. පඨම යොධාජීව සූත්‍රය
’’මහණෙනි, මේ යුද්‍ධ භටයෝ පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධ භටයෙක් තෙම රජස්කන්‍ධයම යුද්‍ධ භූමියෙන් නැංගාවූ ධූලි රාශියම දැක පසු බසියිද,
’’විශෙෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ.
’’මහණෙනි, මේ පළමුවෙනි යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් රජස්කන්‍ධය ඉවසාද, එතකුදු වුවත් ධජාග්‍රයම දැක පසු බසියිද, විශෙෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ දෙවෙනි යුද්‍ධයෙන් ජීවත්වීම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක්, රජස්කන්‍ධය ඉවසයි. ධජාග්‍රයද ඉවසයි. එතකුදු වුවත් උස්වූද, මහත්වූද ශබ්දයම අසා පසුබසියි. විශෙෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ තුන්වන යෝධාරීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් තෙම රජස් සමූහය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, උස්වූ ඝෝෂාව ඉවසාද, එතකුදු වුවත් පැමිණියාවූ ප්‍රහාරයෙහි නැසේද, විනාශයට පැමිණේද, මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ සතරවන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් තෙම රජස්කන්ධය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, උසස්වූ ඝෝෂාව ඉවසාද, පැමිණි ප්‍රහාරය ඉවසාද,
’’හෙතෙම ඒ යුද්‍ධය ජයගෙණ, දිනන ලද යුද්‍ධ ඇත්තේ, ඒ යුද්‍ධ භූමියෙහිම අධිපතිව වාසය කෙරේද, මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් වේ. මහණෙනි, මේ පස්වන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ. මහණෙනි, මේ යෝධාජීවයෝ පස්දෙන වනාහි ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්. මහණෙනි, මෙපරිද්දෙන්ම යෝධාජීවයන්ට බඳු උපමා ඇති පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු භික්‍ෂූන් අතර විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම, රජස්කන්‍ධයම දැක,
’’පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැකිවේද, ශික්‍ෂාවගේ දුර්වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්‍ධය නම් කුමක්ද?
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම අසවල් නම් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ විශිෂ්ට රූ ඇත්තී, දැකුම් කටයුත්තී, ප්‍රසාද එලවන්නී, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූවායයි අසාද,
’’හෙතෙම එය අසා පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැකිවේද, ශික්‍ෂාවගේ දුර්වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්‍ධය නම් කුමක්ද? මොහුට රජස්කන්‍ධය වේ. මහණෙනි, යම් සේ ඒ යෝධාජීව තෙම රජස්කන්‍ධය දැක පසුබසීද, විශෙෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ.
’’මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මේ ශාසනයෙහි මෙබඳුවූ ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ පළමුවෙනි යෝධාජීවයෙකුට බඳු උපමා ඇති පුද්ගලයෙක් ඇත්තේ භික්‍ෂූන් අතර විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම රජස් සමූහය ඉවසාද, එතකුදු වුවත් ධජාග්‍රයම දැක පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැකිවේද, ශික්‍ෂාවගේ දුර්වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්‍ධය නම් කුමක්ද? මොහුට ධජාග්‍රය නම් කවරෙක් වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම අසවල් නම් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ විශිෂ්ට රූ ඇත්තී, දැකුම් කටයුත්තී, ප්‍රසාද එලවන්නී, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූවායයි අසාද, නොම අසාද, එතකුදු වුවත්, විශිෂ්ට රූ ඇත්තාවූ, දැකුම් කටයුතුවූ, ප්‍රසාද එලවන්නාවූ, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්තවූ, ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ තෙමේ දකීද, හෙතෙම ඇය දැක පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැකිවේද, ශික්‍ෂාවගේ දුර්වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්‍ධය නම් කුමක්ද?
’’මෙය මොහුට ධජාග්‍රය නම් වේ. මහණෙනි, යම් සේ ඒ යෝධාජීව තෙම රජස්කන්ධය ඉවසාද, එතකුදු වුවත් ධජාග්‍රයම දැක විශෙෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මම මේ පුදගලයා එබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ දෙවන යෝධාජීවයාට බඳු උපමා ඇති පුද්ගල තෙම ඇත්තේ භික්‍ෂූන් අතර විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම රජස්කන්ධය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, එතකුදු වුවත් උසස්වූ ඝෝෂාවම අසා පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැකිවේද, ශික්‍ෂාවගේ දුර්වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්‍ධය නම් කුමක්ද? මොහුට කුමක් නම් උසස්වූ ඝෝෂාව වේද, මහණෙනි, මේ ශාසනයෙහි වනයට ගියාවූ හෝ, රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ භික්‍ෂුවක් වෙත, ස්ත්‍රියක් තොමෝ එළඹ සිනාසේද, කථා කෙරේද, මහත් කොට සිනාසේද, කථාවෙන් කලකිරවාද, හෙතෙම ස්ත්‍රිය විසින් සිනාසෙනු ලබන්නේ, කථාකරනු ලබන්නේ, මහත්කොට සිනාසෙනු ලබන්නේ, කලකිරවනු ලබන්නේ පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැකිවේද, ශික්‍ෂාවගේ දුර්වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්‍ධය නම් කුමක්ද? මෙය මොහුට උසස් ඝෝෂාව නම් වේ. මහණෙනි, යම් සේ ඒ යෝධාජීව තෙම රජස්කන්ධය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, එතකුදු වුවත් උසස්වූ ඝෝෂාවම අසා විශෙෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ.
’’මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වෙයි. මහණෙනි, මේ තුන්වන යෝධාජීවයාට බඳු උපමා ඇති පුද්ගලයෙක් ඇත්තේ භික්‍ෂූන් අතර විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම රජස්කන්ධය ඉවසයි. ධජාග්‍රය ඉවසයි. උසස් ඝෝෂාව ඉවසයි. එතකුදු වුවත් පැමිණි ප්‍රහාරය ඇති කල්හි නැසේද, විපතට පැමිණේද, මොහුට කුමක් නම් සම්ප්‍රහාරය වේද,
’’මහණෙනි, මේ ශාසනයෙහි වනයට ගියාවූ හෝ, රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ, භික්‍ෂුවක් වෙත ස්ත්‍රියක් තොම පැමිණ ලංව හෝ හිඳීද, එක්ව හෝ නිදයිද, වැතිරගෙන හිඳීද, හෙතෙම ස්ත්‍රිය විසින් ලංව හිඳිනු ලබන්නේ, එක්ව නිදනු ලබන්නේ, වැතිරගෙන වාසය කරනු ලබන්නේ,
’’ශික්‍ෂාව හැර නොදමා, දුර්‍වල බව ප්‍රකාශ නොකොට මෛථුන ධර්‍ම ප්‍රතිසේවනය කෙරේද, මෙය මොහුට සම්ප්‍රහාරය නම් වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක්, රජස්කන්‍ධය ඉවසයි. ධජාග්‍රයද ඉවසයි. එතකුදු වුවත් උස්වූද, මහත්වූද ශබ්දයම අසා පසුබසියි. විශෙෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්‍ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ තුන්වන යෝධාරීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් තෙම රජස් සමූහය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, උස්වූ ඝෝෂාව ඉවසාද, එතකුදු වුවත් පැමිණියාවූ ප්‍රහාරයෙහි නැසේද, විනාශයට පැමිණේද,
’’මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ සතරවන යෝධාජීවයාට බඳු උපමා ඇති පුද්ගලයෙක් ඇත්තේ භික්‍ෂූන් අතර විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම රජස්කන්ධය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, උසස්වූ ඝෝෂාව ඉවසාද, පැමිණි ප්‍රහාරය ඉවසාද, හෙතෙම ඒ යුද්‍ධය ජයගෙණ, දිනන ලද යුද්‍ධ ඇත්තේ, ඒ යුද්‍ධ භූමියෙහිම අධිපතිව වාසය කෙරේද,
’’කුමක් නම් මොහුට සංග්‍රාම විජයවේද, මහණෙනි, මේ ශාසනයෙහි වනයට ගියාවූ හෝ, රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ, භික්‍ෂුවක් වෙත ස්ත්‍රියක් තොම පැමිණ ලංව හෝ හිඳීද, එක්ව හෝ නිදයිද, වැතිරගෙන හිඳීද, හෙතෙම ස්ත්‍රිය විසින් ලංව හිඳිනු ලබන්නේ, එක්ව නිදනු ලබන්නේ, වැතිරගෙන වාසය කරනු ලබන්නේ, වෙළුම් හැර මුදාගෙණ යම් තැනෙක්හි කැමති පරිදි බැහැරවයේද, හෙතෙම අරණ්‍යය, වක්‍ෂමූලය, පර්‍වතය, කඳුරැලිය, පර්‍වත ගුහාය, සොහොනය, වනයෙහි වූ ආශ්‍රමය, අභ්‍යවකාශය, පිදුරුබිස්සය යන විවේකවූ සයනාශනයක් භජනය කෙරේද,
’’හෙතෙම වනයට ගියේ හෝ, රුක් මුලකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, ඎජුකොට කය පිහිටුවා, සිහිය ඉදිරිපත්කොට එළවා, පළඟ බැඳගෙන හිඳීද, හෙතෙම ලෝකයෙහි විෂම ලෝභය දුරුකොට පහවූ විෂම ලෝභ ඇති සිතින් යුක්තව වාසය කෙරේද, විෂම ලෝභයෙන් සිත පිරිසිදු කෙරේද, ව්‍යාපාදයෙන්වූ චිත්තප්‍රදූෂ්‍යය දුරුකොට, පහවූ ව්‍යාපාද සිත් ඇත්තේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේද, ව්‍යාපාද ප්‍රදෝෂයෙන් සිත පිරිසිදු කෙරේද, සිතෙහි හා කයෙහි අලස බව දුරුකොට, පහවූ ථීනම්ද්‍ධය ඇත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, මනා දැනුම් ඇත්තේ වාසය කෙරේද, සිතෙහි හා කයෙහි අලස බැවින් සිත පිරිසිදු කෙරේද, උඩඟුබව හා කුකුස්බව දුරුකොට, උඩඟු නොවූයේ, තමා කෙරෙහි සන්සුන් සිත් ඇත්තේ වාසය කෙරේද, උද්‍ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේද, සැකය දුරුකොට පහවූ සැක ඇත්තේ, කුශල ධර්‍මයන්හි කෙසේ යෙදේදැයි යන සැකය නැත්තේ වාසය කෙරේද, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේද, හෙතෙම සිත කෙළෙසන්නාවූ, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ, මේ නීවරණ පස දුරුකොට මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද?
’’එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) ’’මම අසවල් තැන උපන්නෙම්
’’මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.
’’එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්‍ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.
’’අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.
’’හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, දුර්‍වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්‍වයන් දැනගණී. කෙසේද?
’’පින්වත්නි, මේ සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නෝය. මිත්‍යාදෘෂ්ටිකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්‍ගති නම්වූ, විනාශව වැටෙන්නාවූ, නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්‍වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍යයන්ට උපවාද (ගර්‍හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන් වන්නාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්‍ණ ඇත්තාවූද, මනාවූ වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්‍මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී.
’’අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ ආශ්‍රවක්‍ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි. මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැන ගනී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයි තත්වූ පරිදි දැනගනී.
මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්‍ගයයි) තත්වූ පරිද්දෙන් දනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාම නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. භව නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුන කල්හි, මිදුනේය යන නුවණ වේ. ඉපදීම ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී.
හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? ආශ්‍රවයන්ගේ නැසීම දැන ( මෙහි 3 පණ්ණාසකයේ 2 සූත්‍රයේ 7 ඡේදය යෙදිය යුතුයි.)
’’මෙය මොහුට සංග්‍රාම විජය නම් වේ. මහණෙනි, යම් සේ ඒ යෝධාජීව තෙම රජස්කන්ධය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, උසස්වූ ඝෝෂාව ඉවසාද, සම්ප්‍රහාරය ඉවසාද, හෙතෙම ඒ යුද්‍ධය ජයගෙන දිනන ලද සංග්‍රාම ඇත්තේ, ඒ යුද්‍ධ භූමියෙහිම අධිපතිව වාසය කෙරේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වෙයි. ’’මහණෙනි, මේ පස්වෙනි යෝධාජීවයාට බඳු උපමා ඇති පුද්ගලයෙක් ඇත්තේ, භික්‍ෂූන් අතර විද්‍යමාන වේ. මහණෙනි, මෙපරිද්දෙන්ම යෝධාජීවයන්ට බඳු උපමා ඇති පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු භික්‍ෂූන් අතර විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම, රජස්කන්‍ධයම දැක,