අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(8) 3. යොධාජීව වර්‍ගය (අනාගතභය වර්‍ගය)
6. දුතිය යොධාජීව සූත්‍රය
’’මහණෙනි, මේ යුද්‍ධ භටයෝ පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්?
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි.
’’උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ ඔහු සතුරෝ නසත්. අල්වාගණිත්. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ පළමුවන යුද්‍ධයෙන් ජීවත්වීම ඇත්තෙක් ලෝකයෙහි විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි.
’’උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ ඔහුට අන්‍යයෝ විදිත්.
’’ඔහු ස්වකීය කඳවුරට ගෙණ යත්. ගෙණ ගොස් නෑයක්ට පමුණුවත්.
’’හෙතෙම නෑයන් විසින් ගෙණ යනු ලබන්නේ, නෑයන් වෙතට නොපැමිණම අතරමග කළුරිය කරයි.
’’මහණෙනි, මෙබඳුවූද, මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් වේ. මහණෙනි, මේ දෙවන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ. ’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ, ඔහුට අන්‍යයෝ විදිත්. ඔහු ස්වකීය කඳවුරට ගෙණ යත්. ගෙණ ගොස් නෑයක්ට පමුණුවත්.
’’ඔහුට නෑයෝ උපස්ථාන කරත්. පිළිදැගුම් කරත්. හෙතෙම නෑයන් විසින් උවටැන් කරණු ලබන්නේ, පිළිදැගුම් කරණු ලබන්නේ, ඒ ආබාධයෙන්ම කළුරිය කරයි. මහණෙනි, මේ තුන්වන යුද්‍ධභට තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වෙත්.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ ඔහුට අන්‍යයෝ විදිත්. ඔහු ස්වකීය කඳවුරට ගෙණ යත්. ගෙණ ගොස් නෑයක්ට පමුණුවත්.
’’ඔහුට නෑයෝ උපස්ථාන කරත්. පිළිදැගුම් කරත්. හෙතෙම නෑයන් විසින් උවටැන් කරණු ලබන්නේ, පිළිදැගුම් කරණු ලබන්නේ, ඒ ආබාධයෙන් නැගී සිටියි.
’’මහණෙනි, මෙබඳුවූද, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධභටයෙක් වේ. මහණෙනි, මේ සතරවෙනි යුද්‍ධභට තෙම ඇත්තේ, ලොකයෙහි විද්‍යමාන වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි.
’’හෙතෙම ඒ යුද්‍ධය ජයගෙණ, දිනන ලද යුද්‍ධ ඇත්තේ, ඒ යුද්‍ධ භූමියෙහිම අධිපතිව වාසය කෙරේද, මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් වේ. මහණෙනි, මේ පස්වන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ. මහණෙනි, මේ යෝධාජීවයෝ පස්දෙන වනාහි ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්. මහණෙනි, මෙපරිද්දෙන්ම යෝධාජීවයන්ට බඳු උපමා ඇති පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු භික්‍ෂූන් අතර විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම, රජස්කන්‍ධයම දැක,
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් ඇසුරුකොට වාසය කරයි. හෙතෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ එම ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින් යුක්තවම, නොරක්නා ලද වචනයෙන් යුක්තව, නොරක්නා ලද සිතින් යුක්තව, නොඑළඹ සිටි සිහියෙන් යුක්තව, සංවර නොවූ ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. හෙතෙම එහි නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ස්ත්‍රියක් දකියි. ඇයගේ නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ඒ සත්‍රිය දැක රාගය තෙම සිත පෙළයි.
’’හෙතෙම රාගයෙන් පෙළනලද සිතින් ශික්‍ෂාව නොහැර දුර්‍වලබව ප්‍රකාශ නොකොට මෛථුන ධර්‍ම ප්‍රතිසේවනය කරයි.
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි.
’’උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ, ඔහු අන්‍යයෝ නසද්ද, අල්වා ගනිද්ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. මහණෙනි, මේ ශාසනයෙහි මෙබඳුවූ ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ පළමුවන යෝධාජීවයාට බඳු උපමා ඇති පුද්ගල තෙම ඇත්තේ භික්‍ෂූන් අතර විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් ඇසුරුකොට වාසය කරයි. හෙතෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ එම ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින් යුක්තවම, නොරක්නා ලද වචනයෙන් යුක්තව, නොරක්නා ලද සිතින් යුක්තව, නොඑළඹ සිටි සිහියෙන් යුක්තව, සංවර නොවූ ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. හෙතෙම එහි නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ස්ත්‍රියක් දකියි. ඇයගේ නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ඒ සත්‍රිය දැක රාගය තෙම සිත පෙළයි.
’’නපුරුකොට හඳනා ලද හෝ නපුරුකොට පොරෝනාලද හෝ ඒ ස්ත්‍රිය දැක ඔහුගේ රාගය තෙම සිත පෙළයි. හෙතෙම රාගයෙන් මඩනා ලද සිතින්, කයින්ද දවයි. සිතින්ද දවයි.
’’ඔහුට මෙබඳු සිතක් වෙයි. ’මම ආරාමයට ගොස් භික්‍ෂූන්ට, ’ඇවැත්නි, මම රාගය අනුව ගියේ වෙමියි, රාගයෙන් පෙළුනේ වෙමියි, බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැකි වෙමි. ශික්‍ෂාවගේ දුර්‍වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරලෙන්නෙමි’ යි සැළකරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.
’’හෙතෙම ආරාමයට යන්නේ, ආරාමයට නොපැමිණම, අතරමගදී ශික්‍ෂාවගේ දුර්‍වල බව ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරළෙයි.
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි.
’’ඔහු ස්වකීය කඳවුරට ගෙණ යත්. ගෙණ ගොස් නෑයක්ට පමුණුවත්. හෙතෙම නෑයන් විසින් ගෙණ යනු ලබන්නේ, නෑයන් වෙතට නොපැමිණම අතරමග කළුරිය කරයි.
’’මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ දෙවන යෝධාජීවකයෙකුට බඳු උපමා ඇති පුද්ගල තෙම ඇත්තේ භික්‍ෂූන් අතර විද්‍යමාන වේ.
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් ඇසුරුකොට වාසය කරයි. හෙතෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ එම ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින් යුක්තවම, නොරක්නා ලද වචනයෙන් යුක්තව, නොරක්නා ලද සිතින් යුක්තව, නොඑළඹ සිටි සිහියෙන් යුක්තව, සංවර නොවූ ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. හෙතෙම එහි නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ස්ත්‍රියක් දකියි. ඇයගේ නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ඒ සත්‍රිය දැක රාගය තෙම සිත පෙළයි.
’’හෙතෙම, රාගයෙන් පෙළන ලද සිතින් කයින්ද දවයි. සිතින්ද දවයි. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි.
’’හෙතෙම ආරාමයට ගොස් භික්‍ෂූන්ට සැළ කරයි. ’ඇවැත්නි, මම රාගය අනුව ගියේ, රාගයෙන් පෙළුනේ වෙමි. බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැක්කේ වෙමි. ශික්‍ෂාවගේ දුර්‍වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරළෙන්නෙමි.’ යි, ඔහුට බ්‍රහ්මචාරීහු අවවාද කරත්.
’’ඇවැත්නි, ’ස්වල්ප ආශ්වාද ඇත්තාවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ දැඩි ආයාස ඇත්තාහුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ.’ ’ඇට සැකිල්ලකට බඳු උපමා ඇත්තාවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ දැඩි ආයාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙහි ආදීනව බොහෝ වේ. ’මස් පිඩකට බඳු උපමා ඇත්තාවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ දැඩි ආයාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙහි ආදීනව බොහෝ වේ. ’තණ සුලකට බඳු උපමා ඇත්තාවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දැඩි ආයාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහ. මෙහි ආදීනවය බොහෝ වේ. ’ගිනි අඟුරු වලකට බඳු උපමා ඇත්තාවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝවූ දැඩි ආයාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහ. මෙහි ආදීනවය බොහෝ වේ. ’සිහිනයකට බඳු උපමා ඇත්තාවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝවූ දැඩි ආයාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහ. මෙහි ආදීනවය බොහෝ වේ. ’ඉල්වා ගන්නා ලද්දකට බඳු උපමා ඇත්තාවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝවූ දැඩි ආයාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුයි. මෙහි ආදීනවය බොහෝ වේ. ’රුක් පලයට බඳු උපමා ඇති කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ උපායාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙහි ආදීනවය බොහෝ වේ. ’කඩුව හා මස් ලොඹුවකට බඳු උපමා ඇති කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ උපායාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහ. මෙහි ආදීනවය බොහෝ වේ. ’අඩයටි හා හුලට බඳු උපමා ඇති කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ උපායාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙහි ආදීනවය බොහෝ වේ. ’සර්‍පයෙකුගේ හිසට බඳු උපමා ඇති කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ උපායාස ඇත්තාහුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහ. මෙහි ආදීනවය බොහෝ වේයයි. ආයුෂමත් තෙම බ්‍රහ්මචර්‍ය්‍යාවට සිත අලවාවා, ආයුෂ්මත් තෙමේ ශික්‍ෂාවගේ දුර්‍වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට නොපෙරලේවා’ යි හෙතෙම සබ්‍රම්සරුන් විසින් මෙසේ අවවාද කරණු ලබන්නේ, මෙසේ අනුශාසනා කරණු ලබන්නේ, මෙසේ කියයි.
’’ඇවැත්නි, කිමකුත්, මඳ ආස්වාද ඇත්තාවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ උත්සාහ ඇත්තාහුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුද, මෙහි ආදීනවය බොහෝ වේද, වැලිදු මම බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැකිවෙමි. ශික්‍ෂාවගේ දුර්‍වල බව ප්‍රකාශකොට ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරලෙන්නෙමියි හෙතෙම ශික්‍ෂාවගේ දුර්‍වල බව ප්‍රකාශකොට ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරළේ.
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ ඔහුට අන්‍යයෝ විදිද්ද, ඔහු බැහැරට ගෙණ යෙද්ද, ගෙණ ගොස් නෑයන් වෙත පමුණුවද්ද, ඔහුට නෑයෝ උපස්ථාන කරත්. පිළිදැගුම් කරත්. හෙතෙම නෑයන් විසින් උවටැන් කරණු ලබන්නේ, පිළිදැගුම් කරණු ලබන්නේ, ඒ ආබාධයෙන්ම කළුරිය කරයි. මහණෙනි, මේ තුන්වන යුද්‍ධභට තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වෙත්.
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් ඇසුරුකොට වාසය කරයි. හෙතෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ එම ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින් යුක්තවම, නොරක්නා ලද වචනයෙන් යුක්තව, නොරක්නා ලද සිතින් යුක්තව, නොඑළඹ සිටි සිහියෙන් යුක්තව, සංවර නොවූ ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. හෙතෙම එහි නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ස්ත්‍රියක් දකියි. ඇයගේ නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ඒ සත්‍රිය දැක රාගය තෙම සිත පෙළයි. නොමනාව හඳින ලද්දාවූ හෝ, නොමනාව පොරවන ලද්දාවූ හෝ ඒ ස්ත්‍රිය දැක ඔහුගේ රාගය තෙම සිත පෙළයි.
’’හෙතෙම රාගයෙන් පෙළෙන සිතින් කයින් දවාමය. සිතිවිල්ලෙන් දවාමය. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. හෙතෙම ආරාමයට ගොස්, ’ඇවැත්නි, මම රාගය අනුව ගියේ, රාගයෙන් පෙළුනේ වෙමි. බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැක්කෙමි. ශික්‍ෂාවගේ දුර්‍වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරළෙන්නෙමි’, යි භික්‍ෂූක්ට සැළ කරයි.
’’ඇවැත්නි, උත්සාහ කරන්නෙමි. ඇවැත්නි, මහණකම දරන්නෙමි. ඇවැත්නි, සිත් අලවන්නෙමි. ඇවැත්නි, දැන් මම ශික්‍ෂාවගේ දුර්‍වල භාවය ප්‍රකාශ කොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට නොපෙරළෙන්නෙමි’ යි මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි.
’’උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ ඔහුට අන්‍යයෝ විදිද්ද. ඔහු ස්වකීය කඳවුරට ගෙණ යත්. ගෙණ ගොස් නෑයක්ට පමුණුවත්.
’’මහණෙනි, මම මේ පුද්ගලයා මෙබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ සතරවන යෝධාජීවයෙකුට බඳු උපමා ඇති පුද්ගලයෙක් ඇත්තේ, භික්‍ෂූන් අතර විද්‍යමාන වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම එක්තරා ගමක් හෝ, නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම පෙරවරු වේලෙහි හැඳ, පොරවා, පාත්‍ර සිවුරු ගෙන, එම ගමට හෝ නියම් ගමට හෝ, රක්නාලද කය ඇතිව, රක්නාලද වචනය ඇතිව, රක්නාලද සිත් ඇතිව, එළඹ සිටි සිහි ඇතිව, සංවර කරණ ලද ඉන්ද්‍රියයන් ඇතිව, පිඬු පිණිස පිවිසෙයි. හෙතෙම ඇසින් රූපයක් දැක,
’’නිමිති වශයෙන් ගන්නේ නොවෙයි. කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවෙයි.
’’යමක් හේතුකොට ගෙන මේ චක්‍ෂුරින්‍ද්‍රිය,
’’සංවර රහිතව වාසය කරන්නාහුට විෂම ලෝභය, දොම්නසය යන ලාමකවූ අකුශල ධර්‍මයෝ අනුව වහනය වන්නාහුද, එය සංවර කිරීම පිණිස පිළිපදියි.
’’චක්ෂුරින්‍ද්‍රිය රකියි. චක්ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.
’’කණින් ශබ්දයක් අසා නිමිති වශයෙන් ගන්නේ නොවෙයි. කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවෙයි. යමක් හේතුකොට ගෙන මේ සෝතේන්ද්‍රිය සංවර රහිතව වාසය කරන්නාහුට විෂම ලෝභය, දොම්නසය යන ලාමකවූ අකුශල ධර්‍මයෝ අනුව වහනය වන්නාහුද, එය සංවර කිරීම පිණිස පිළිපදියි. සෝතේන්‍ද්‍රිය රකියි. සෝතේන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට නිමිති වශයෙන් ගන්නේ නොවෙයි. කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවෙයි. යමක් හේතුකොට ගෙන මේ ඝානේන්‍ද්‍රිය සංවර රහිතව වාසය කරන්නාහුට විෂම ලෝභය, දොම්නසය යන ලාමකවූ අකුශල ධර්‍මයෝ අනුව වහනය වන්නාහුද, එය සංවර කිරීම පිණිස පිළිපදියි. ඝානේන්‍ද්‍රිය රකියි. ඝානේන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. දිවෙන් රසයක් විඳ, නිමිති වශයෙන් ගන්නේ නොවෙයි. කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවෙයි. යමක් හේතුකොට ගෙන මේ ජිව්හා ඉන්‍ද්‍රිය සංවර රහිතව වාසය කරන්නාහුට විෂම ලෝභය, දොම්නසය යන ලාමකවූ අකුශල ධර්‍මයෝ අනුව වහනය වන්නාහුද, එය සංවර කිරීම පිණිස පිළිපදියි. ජිව්හා ඉන්‍ද්‍රිය රකියි. ජිව්හා ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. කයින් ස්පර්‍ශ කළ යුත්තක් ස්පර්‍ශ කොට නිමිති වශයෙන් ගන්නේ නොවෙයි. කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවෙයි. යමක් හේතුකොට ගෙන මේ කායේන්‍ද්‍රිය සංවර රහිතව වාසය කරන්නාහුට විෂම ලෝභය, දොම්නසය යන ලාමකවූ අකුශල ධර්‍මයෝ අනුව වහනය වන්නාහුද, එය සංවර කිරීම පිණිස පිළිපදියි. කායේන්‍ද්‍රිය රකියි. කායේන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. සිතින් ධර්‍මයක් දැන නිමිති වශයෙන් ගන්නේ නොවෙයි. කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවෙයි. යමක් හේතුකොට ගෙන මේ මනින්‍ද්‍රිය සංවර රහිතව වාසය කරන්නාහුට විෂම ලෝභය, දොම්නසය යන ලාමකවූ අකුශල ධර්‍මයෝ අනුව වහනය වන්නාහුද, එය සංවර කිරීම පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.
’’හෙතෙම පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ අරණ්‍යය, රුක් මුලය, පර්‍වතය, කඳුරැලිය, පර්වත ගුහාවය, සොහොනය, දුරවූ වන සෙනසුනය, අභ්‍යවකාශය, පිදුරු බිස්සය යන විවේකවූ ශයනාසනයක් භජනය කරයි.
’’හෙතෙම වනයට ගියේ හෝ, රුක් මුලකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, ඎජුකොට කය පිහිටුවා, සිහිය ඉදිරිපත්කොට එළවා, පළඟ බැඳගෙන හිඳීද, හෙතෙම ලෝකයෙහි විෂම ලෝභය දුරුකොට පහවූ විෂම ලෝභ ඇති සිතින් යුක්තව වාසය කෙරේද, විෂම ලෝභයෙන් සිත පිරිසිදු කෙරේද, ව්‍යාපාදයෙන්වූ චිත්තප්‍රදූෂ්‍යය දුරුකොට, පහවූ ව්‍යාපාද සිත් ඇත්තේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේද, ව්‍යාපාද ප්‍රදෝෂයෙන් සිත පිරිසිදු කෙරේද, සිතෙහි හා කයෙහි අලස බව දුරුකොට, පහවූ ථීනම්ද්‍ධය ඇත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, මනා දැනුම් ඇත්තේ වාසය කෙරේද, සිතෙහි හා කයෙහි අලස බැවින් සිත පිරිසිදු කෙරේද, උඩඟුබව හා කුකුස්බව දුරුකොට, උඩඟු නොවූයේ, තමා කෙරෙහි සන්සුන් සිත් ඇත්තේ වාසය කෙරේද, උද්‍ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේද, සැකය දුරුකොට පහවූ සැක ඇත්තේ, කුශල ධර්‍මයන්හි කෙසේ යෙදේදැයි යන සැකය නැත්තේ වාසය කෙරේද, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේද, හෙතෙම සිත කෙළෙසන්නාවූ, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ, මේ නීවරණ පස දුරුකොට මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද?
’’එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) ’’මම අසවල් තැන උපන්නෙම්
’’මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.
’’එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්‍ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.
’’අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.
’’හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, දුර්‍වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්‍වයන් දැනගණී. කෙසේද?
’’පින්වත්නි, මේ සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නෝය. මිත්‍යාදෘෂ්ටිකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්‍ගති නම්වූ, විනාශව වැටෙන්නාවූ, නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්‍වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍යයන්ට උපවාද (ගර්‍හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන් වන්නාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්‍ණ ඇත්තාවූද, මනාවූ වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්‍මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී.
’’අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ ආශ්‍රවක්‍ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි. මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැන ගනී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයි තත්වූ පරිදි දැනගනී.
මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්‍ගයයි) තත්වූ පරිද්දෙන් දනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාම නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. භව නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුන කල්හි, මිදුනේය යන නුවණ වේ. ඉපදීම ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී.
හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? ආශ්‍රවයන්ගේ නැසීම දැන ( මෙහි 3 පණ්ණාසකයේ 2 සූත්‍රයේ 7 ඡේදය යෙදිය යුතුයි.)
’’මෙය මොහුට සංග්‍රාම විජය නම් වේ. මහණෙනි, යම් සේ ඒ යෝධාජීව තෙම රජස්කන්‍ධය ඉවසාද, ධජාග්‍රය ඉවසාද, උසස්වූ ඝෝෂාව ඉවසාද, සම්ප්‍රහාරය ඉවසාද, හෙතෙම ඒ යුද්‍ධය ජයගෙන දිනන ලද සංග්‍රාම ඇත්තේ, ඒ යුද්‍ධ භූමියෙහිම අධිපතිව වාසය කෙරේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වෙයි.
’’මහණෙනි, මේ පස්වෙනි යෝධාජීවයාට බඳු උපමා ඇති පුද්ගලයෙක් ඇත්තේ, භික්‍ෂූන් අතර විද්‍යමාන වේ. මහණෙනි, මෙපරිද්දෙන්ම යෝධාජීවයන්ට බඳු උපමා ඇති පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු භික්‍ෂූන් අතර විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම, රජස්කන්‍ධයම දැක,
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි.
’’හෙතෙම ඒ යුද්‍ධය ජය ගෙණ දිනන ලද යුද ඇත්තේ, එම යුද්‍ධ භූමියෙහි අධිපතිව වාසය කෙරේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ පස්වන යෝධාජීවයෙකුට බඳු උපමා ඇති පුද්ගලයෙක් ඇත්තේ භික්‍ෂූන් අතර විද්‍යමාන වේ. මහණෙනි, මේ යෝධාජීවයාට බඳු උපමා ඇති පුද්ගලයෝ පස්දෙන වනාහි ඇත්තාහු භික්‍ෂූන් අතර විද්‍යමාන වෙත්ය’’ යි වදාළ සේක.