අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
1. ආහුණෙය්‍ය වර්‍ගය
7. ජවාජානීය සූත්‍රය
’’මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
’’කවර සයකින්ද යත් ? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්‍ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්‍ශ ඉවසන්නේ වේද, වේගයෙන් යුක්ත වේද,
’’මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.