අඞ්ගුත්තරනිකායො
නවක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(7) 2. සතිපට්ඨාන වර්ගය
6. පඤ්චගති සූත්‍රය
’’කවර පසක්ද යත්? නිරයය, තිරිසන්යෝනිය, ප්‍රෙත විෂයය, මනුෂ්‍යයෝය, දෙවියෝය කියායි. මහණෙනි, මේ ගති පස වෙති.
’’මහණෙනි, මේ පඤ්චගතීන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වෙදනාවන්හි වෙදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චගතීන්ගේ ් හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.