සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය

2–11. ජාති සූත්‍රය ආදී වූ දහය

පච්චය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඉපදීම (ජාතිය) නොදනිත්ද, ඉපදීමට හේතුව නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඉපදීම දනිත්ද, ඉපදීමට හේතුව දනිත්ද, ඉපදීම නැතිවීම දනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙති.

(දෙවෙනි පච්චය සූත්‍රය නිමි.)

පච්චය සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි, වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ භවය නොදනිත්ද, භවයට හේතුව නොදනිත්ද, භවය නැතිවීම නොදනිත්ද, භවය නැති කරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණභාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ භවය දනිත්ද, භවයට හේතුව දනිත්ද භවය නැතිවීම දනිත්ද, භවය නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”

(තෙවෙනි පච්චය සූත්‍රය නිමි.)

පච්චය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි, කියා භික්ෂූන් ඇමතූහ. ස්වාමීනියි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපාදානය (තදින් අල්ලාගැනීම) නොදනිත්ද, උපාදානයට හේතුව නොදනිත්ද, උපාදානය නැතිවීම නොදනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපාදානය දනිත්ද, උපාදානයට හේතුව දනිත්ද, උපාදානය නැතිවීම දනිත්ද, උපදානය නැතිකරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙති.”

(සිව්වැනි පච්චය සූත්‍රය නිමි.)

පච්චය සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තණ්හාව නොදනිත්ද, තණ්හාවට හේතුව නොදනිත්ද, තණ්හාව නැතිවීම නොදනිත්ද, තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තණ්හාව දනිත්ද, තණ්හාවට හේතුව දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”

(පස්වන පච්චය සූත්‍රය නිමි.)

පච්චය සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි කියා භික්ෂූන් ඇමතූහ. ස්වාමීනියි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වේදනාව නොදනිත්ද, වේදනාවට හේතුව නොදනිත්ද, වේදනාව නැතිවීම නොදනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වේදනාව දනිත්ද, වේදනාවට හේතුව දනිත්ද, වේදනාව නැතිවීම දනිත්ද, වේදනාව නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”

(සයවන පච්චය සූත්‍රය නිමි.)

පච්චය සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂුන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ස්පර්ශය නොදනිත්ද, ස්පර්ශයට හේතුව නොදනිත්ද, ස්පර්ශය නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ස්පර්ශය දනිත්ද, ස්පර්ශයට හේතුව දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”

(හත්වන පච්චය සූත්‍රය නිමි.)

පච්චය සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සළායතන නොදනිත්ද, සළායතනයන්ට හේතුව නොදනිත්ද, සළායතන නැතිවීම නොදනිත්ද, සළායතන නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සළායතන දනිත්ද, සළායතනයන්ට හේතුව දනිත්ද, සළායතන නැතිවීම දනිත්ද, සළායතන නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”

(අටවන පච්චය සූත්‍රය නිමි.)

පච්චය සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නාමරූප නොදනිත්ද, නාමරූපයන්ට හේතුව නොදනිත්ද, නාමරූප නැතිවීම නොදනිත්ද, නාමරූප නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නාමරූප දනිත්ද, නාමරූපයන්ට හේතුව දනිත්ද, නාමරූප නැතිවීම දනිත්ද, නාමරූප නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසයකෙරෙති.”

(නවවැනි පච්චය සූත්‍රය නිමි.)

පච්චය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණයන්ට හේතුව නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණයට හේතුව දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”

(දසවන පච්චය සූත්‍රය නිමි.)

පච්චය සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සංස්කාරයන් නොදනිත්ද, සංස්කාරන්ට හේතුව නොදනිත්ද, සංස්කාරයන් නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සංස්කාරයන් දනිත්ද, සංස්කාරයන්ට හේතුව දනිත්ද, සංස්කාරයන් නැතිවීම දනිත්ද, සංස්කාරයන් නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”

(එකොළොස් වැනි පච්චය සූත්‍රය නිමි.)

අටවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගයයි.

චතුරාර්ය සත්‍යය බෙදා දේශනා කරන්නාවූ බුදුරජාණන් වහන්සේ විසින් පච්චය සූත්‍ර එකොළොසක් වදාරණ ලදී ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය නිදාන වර්ගයෙහි අටවැනි වර්ගය වෙයි.

මේ වර්ග පිළිවෙළයි.

බුද්ධ වර්ගය, ආහාර වර්ගය, දසබල වර්ගය, කළාරඛත්තිය වර්ගය, පස්වැනිවූ ගහපති වර්ගය, දුක්ඛ වර්ගය, මහා වර්ගය සහ අට වැනිවූ ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගයයි කියා වර්ග අටකි.