සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

1. නානත්ත වර්ගය

2. සම්ඵස්ස සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය (නොඑක් බව) ඇතිවේ. මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද? චක්ඛුධාතුව, සොතධාතුව, ඝාන ධාතුව, ජිව්හාධාතුව, කායධාතුව සහ මනොධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.

“මහණෙනි, කෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇතිවේද?

“මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය ඇතිවේ. සොතධාතුව නිසා සොතසම්ඵස්සය ඇතිවේ. ඝානධාතුව නිසා ඝානසම්ඵස්සය ඇතිවේ. ජිව්හාධාතුව නිසා ජිව්හා සම්ඵස්සය ඇතිවේ. කායධාතුව නිසා කායසම්ඵස්සය ඇතිවේ. මනොධාතුව නිසා මනොසම්ඵස්සය ඇතිවේ. මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇතිවේ.”

(දෙවෙනි සම්ඵස්ස සූත්‍රය නිමි.)