සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
14. කුක්කුල වර්ගය
3. අනිච්ච සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් වනාහි අනිත්‍යද, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. ‘මහණෙනි, අනිත්‍යය කුමක්ද?” මහණෙනි, රූපය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. වේදනාව අනිත්‍යය, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සඤ්ඤාව අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි.
(තුන්වෙනි අනිච්ච සූත්‍රය නිමි.)