සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
14. කුක්කුල වර්ගය
4. අනිච්ච සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් අනිත්‍යයද එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි, මහණෙනි, අනිත්‍ය කුමක්ද? මහණෙනි රූපය අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. වේදනාව අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංඥාව අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. විඥානය අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් අනිත්‍යද එහි තොපගේ කැමැත්ත සහ ඇල්ම දුරුකටයුතුය.
(හතරවෙනි අනිච්ච සූත්‍රය නිමි.)