සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
14. කුක්කුල වර්ගය
7. දුක්ඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් දුකද එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි, මහණෙනි, දුක කුමක්ද? මහණෙනි රූපය දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. වේදනාව දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංඥාව දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. විඥානය දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් දුකද එහි තොපගේ කැමැත්ත සහ ඇල්ම දුරුකටයුතුය.
(පස්වෙනි දුක්ඛ සූත්‍රය නිමි)