සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

6. කිලෙස සංයුත්තය

9. ධාතු සූත්‍රය

[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි.)

[2] “මහණෙනි, පඨවිධාතුවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි. ආපෝ ධාතුවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කණෙහි කිලුටුවීමයි. තේජෝ ධාතුවෙහි යම් ඡන්දරාගයක් වේද, එය නාසයෙහි කිලුටු වීමයි. වායෝ ධාතුවෙහි යම් ඡන්දරාගයක් වේද, එය දිවෙහි කිලුටු වීමයි. ආකාශ ධාතුවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කයෙහි කිලුටු වීමයි. විඤ්ඤාණ ධාතුවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටු වීමයි.