සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
6. කිලෙස සංයුත්තය
8. තණ්හා සූත්‍රය
[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි.)
[2] “මහණෙනි, රූපතණ්හාවෙහි යම් ඡන්දරාගයක් වේද එය සිතේ කිලුටුවීමයි. සද්ද තණ්හාවෙහි යම් ඡන්දරාගයක්වේද, එය කණෙහි කිලුටු වීමයි. ගන්ධ තණ්හාවෙහි යම් ඡන්ද රාගයක් වේද, එය නාසයෙහි කිලුටුවීමයි. රස තණ්හාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය දිවෙහි කිලුටුවීමයි. ඵොට්ඨබ්බ තණ්හාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කයෙහි කිලුටු වීමයි ධම්ම තණ්හාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටු වීමයි.